Monday, May 2, 2016

නැනෝවිද්‍යාව සහ නැනෝතාක්ෂණය Nanoscience and Nanotechnology (02) ඝන ද්‍රව්‍ය සහ පෘෂ්ඨ

ඝන ද්‍රව්‍ය සහ පෘෂ්ඨ


මුලිකවම නැනෝද්‍රව්‍ය, විශාල ද්‍රව්‍ය වලින් වෙනස් වන්නේ ප්‍රධානතම කාරණා දෙකක් නිසායි.

1. පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දක්වන අනුපාතය (Surface to Volume ratio) අධික වීම.
2. ක්වොන්ටම් ආචරණය (Quantum effect)

මේඅතරින් ක්වොන්ටම් ආචරණය සරලව පැහැදිලි කිරීම තරමක් අසීරු සහ වැඩි න්‍යායත්මක මුලින් දැනුමක් අවශ්‍ය වන කාරණාවක් බැවින් එය පසුවට තබා, පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දක්වන අනුපාතය (Surface to Volume ratio) අධික වීම යන කාරණාව කෙරෙහි මුලින් අවධානය යොමු කිරීමට කැමතියි.

1. රූපය කළු ගලකට කුළු ගෙඩි පහරක් ගසන විට හෝ බෝර දමන  විට  එය කැබලි වලට කැඩී  ගොස් නව පෘෂ්ඨ නිර්මාණය වීම. 

අපි තරමක් විශාල කළුගල්  කැබැල්ලක් ගැන සිතමු. කළු ගල කැබලි වලට කැඩීමට කුළු ගෙඩි පහරක් එල්ල කරන (හෝ බෝර දමන) අවස්ථාවක් සලකමු. කුළු පහරින් පසුව ගල කැබලි වලට කැඩී යයි. එහිදී කළු ගල කැඩුන ස්ථාන ගැන සිතමු. එම ස්ථාන වල අලුත් පැහැයෙන් යුතු නව පෘෂ්ඨ නිර්මාණය වී ඇත (1. රූපය). අනෙක් අතට ගත් කල, ගල කැඩීමට කුළු පහරක් එල්ල කිරීමේදී සිදුවුයේ කුමක්ද ? ඇත්තෙන්ම සිදුවුයේ ඒ ගලේ අංශුන් එකට බැදී තිබුන රසායනික ශක්තිය තැන්  තැන්  වලින් බිදී ගොස් නව පෘෂ්ඨ නිර්මාණය වීමයි. කුළු පහර ගැසීමට වුයේ එසේ නව පෘෂ්ඨ නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමටයි. නව පෘෂ්ඨ නිර්මාණයට ශක්තිය අවශ්‍ය වන්නේ ඇයි ? ඒ පෘෂ්ටයන් ඝන ද්‍රව්‍යක අභ්‍යන්තරයට වඩා ශක්තියෙන් වැඩි වීම නිසායි. සෑම විටම යම්කිසි ද්‍රවයක මතුපිට, එම ද්‍රව්යයේම අහ්ය්න්තරයට වඩා ශක්තියෙන් වැඩිය.

අපි සැවොම දන්නා සමීකරණ  දෙකක් දැන් සලකමු.

අරය r  වන ගෝලයක 

1.  පෘෂ්ඨික වර්ගඵලය = 4πr^2 වේ. 

2.  පරිමාව = 4/3 πr^3  වේ.

1 සහ 2 අනුව පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දක්වන අනුපාතය පහත පරිදි වේ.



මේ අනුව පෙනෙන්නේ අංශුවක ප්‍රමාණය (r) කුඩා වනවිට එහි අඩංගු පදාර්ථය ප්‍රමාණයෙන් වැඩිමනක් මතුපිට පවතින බවයි. ඉහත අපි කතා කල පරිදි මතුපිටක ශක්තිය, අභ්‍යන්තර ශක්තියට වඩා  වඩා වැඩි නිසා කුඩා අංශු වලට වඩා වැඩි ශක්තියක් ඇත. මීට හේතුව, නැනෝ පරිමාණයට එන විට අංශුවක් ඉතාම කුඩා වනබැවින් මේ එහි අඩන්ගු පදාර්ථය, එසේ නැතහොත් එහි අඩංගු පරමාණු වැඩිමනක්ම පාහේ පවතින්නේ මතුපිට වීමය. අංශුවක මතුපිට පවතින පරමාණු අභ්‍යන්තරයේ පවතින පරමාණු වලට වඩා රසායනික බන්ධන අතින් වෙනස් වීම නිසා ඒවා ශක්තියෙන් ද වැඩිය (මේ ගැන මීළඟට කතාකරමු)


2. රූපය (a) විශාල අංශුවක බොහෝ පරමාණු අභ්‍යන්තරයේ සහ (b) නැනෝඅංශුවක පරමාණු සියල්ලම පාහේ පෘෂ්ඨයේ මත පිහිටීම.

ඉහත කී පරිදි නැනෝ අංශු කුඩා වීම නිසා විශාල අංශුවකට (2.  රූපය a) සාපේක්ෂව බැලුවිට පරමාණු සියල්ලම පාහේ පවතින්නේ මතුපිටය (2. රූපය b). අනෙක් අතට, අංශුවක මතුපිට ඇති පරමාණු අභ්‍යන්තරයේ ඇති පරමාණු වලට වඩා වෙනස් ගුණ දක්වයි. මේ කාරණා දෙක අනුව නැනෝ අංශු විශාල අංශු වලට වඩා වෙනස් ගුණ දක්වයි. වෙනත් ආකාරයකට කියනවා නම්, විශාල අංශුන් වලින් ලබාගත නොහැකි ගුණ නැනෝ අංශුවකින් ලබාගත හැකිය. නැනෝ අංශුවේ පරමාණු මුළුමනින් ම  පාහේ මතුපිටට පමණින වෙනස් ගුණ දක්වන අතරම අපි පසුවට කතා කිරීමට තැබූ ක්වොන්ටම් ආචරණයත් අංශුවේ හැසිරීම වෙනස් කරයි. මුලිකව ගත කල, නැනෝ අංශු විශාල අංශුවලට වඩා වෙනස් ගුණ දැක්වීමට සරල හේතු මේවා වේ.

සාරාංශය

අංශුවක අභ්‍යන්තරයට වඩා පෘෂ්ඨයේ වැඩි ශක්තියක් පවතී. අංශුවක ප්‍රමාණය කුඩා වනවිට පෘෂ්ඨික වර්ගඵලය/පරිමාව යන අනුපාතය ඉහල යයි. නැනෝ පරිමාණයේදී  අංශුවේ ඇති පරමාණු සියල්ලම පාහේ පවතින්නේ මතුපිටය. මතුපිට පවතින පරමාණු අභ්‍යන්තරයේ පවතින් ඒවාට වැඩ බොහෝ වෙනස් ගුණ දක්වයි. මේ අතර ක්වොන්ටම් ආචරණය නිසා නැනෝ අංශුවේ හැසිරීම එම ද්‍රව්‍යයේ විශාල අශුවකට වඩා වෙනස් වේ. මේසේ, යම් ද්‍රව්‍යයක නැනෝ අංශු එම දර්ව්‍යයේම විශාල අංශු වලට වඩා බොහෝ සෙයින් වෙනස් ගුණ දක්වයි. මේ වෙනස් ගුණ නිසා නැනෝඅංශු මගින් විශාල අංශු ලවා කර නොහැකි බොහෝ දේ පහසුවෙන් කර ගත හැකිය.      

30 comments:

  1. මටනම් බරපතල වැඩියි.. ඒත් ඔහොම යමු. සමස්තයේදී යම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබට කෙලින්ම කිව්වට. තවත් රූපමය නිරූපණයන් ටිකක් එක්ක නැවත නැවත ලියන්නම්. මම කීපවරක්ම කියවා බැලුවට, වෙනත් කේෂ්ත්‍රයක නිපුන අයෙක් හිතන ආකාරයට මම හරි හැටි තේරුම් අරගෙන මදි වගේ. ඇත්තටම ඒක පහසු කරුණක් නොවෙයි. සමහරවිට මා සමග වැඩකරන ශිෂ්‍යයන්ටත් සමහරවෙලාවට තේරෙන්නේ නැතුව ඇති මම ඔවුන් සමග කරන සංවාද. මොකද නැනෝ වැඩ වලට විද්‍යුත්, යාන්ත්‍රික, රසායනික ඉංජිනේරු හැම අංශයේම සිසුන් මා සමග වැඩ කරන නිසා. බ්ලොග් ලිවීම හරහා වෙනත් ක්ෂේස්ත්‍ර වල නිපුණ පරිණත වෘත්තිකයන් සමග සංවාදයෙන් මගේ සේවයේ කාර්යක්ෂමතාවයත් වැඩි කරගත් හැකි බවයි පෙනෙන්නේ.

    ReplyDelete
  3. ඔන්න ඔන්න කෙලවෙන තැන සමීකරන තමා...අවුලක් නෑ ඔහොම යමුකො

    ReplyDelete
    Replies
    1. ඇත්තටටම ඒ සමීකරණ දෙක 10 වසරේ ගණිතයේ ඇති ඉතාම සරල ඒවා. මේ ලියපු ටික ආයේ මීට වැඩ විස්තර ඇතුව ලියන්න හිතුවේ. සමීකරණ නැතුව රූපවලින් වුනත් පහසුවෙන් එය පැහැදිලිකරගන්න පුළුවන් වෙන විදියට.

      Delete
  4. පරමානුවයි නැනො අංශුවයි කියන්නෙ දෙකක් නේද

    ReplyDelete
    Replies
    1. ///නැනෝ පරිමාණයට එන විට අංශුවක් ඉතාම කුඩා වනබැවින් මේ එහි අඩන්ගු පදාර්ථය, එසේ නැතහොත් එහි අඩංගු පරමාණු වැඩිමනක්ම පාහේ පවතින්නේ මතුපිට වීමය.//

      Delete
    2. ඔවු පරමාණුව සහ නැනෝ අංශු කියන්නේ දෙකක්. නැනෝ අංශුවක් හැදිලා තිබෙන්නේ පරමාණු විශාල සන්ක්යාවක් මගින්. උච්ච විභ්දන බලයක් සහිත සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයෙන් (high-resolution transmission electron microscope) නැනෝ අංශුවක ඇති පරමාණු (වලට අනුරූප තිත්) දැකිය හැකියි.

      Delete
  5. //මේ වෙනස් ගුණ නිසා නැනෝඅංශු මගින් විශාල අංශු ලවා කර නොහැකි බොහෝ දේ පහසුවෙන් කර ගත හැකිය. //

    ///අංශුවක අභ්‍යන්තරයට වඩා පෘෂ්ඨයේ වැඩි ශක්තියක් පවතී. ///


    ඔබ කියල තියන දෙයින් හා කොමෙන්ටුවෙන් මට මෙන්න මෙහම කියන්න හිතුනා, ඔබට අනිත් අය එක්ක වැඩ කරද්දි ඔවුන්ගේ මනසට ඔබ උගත් දෑ ඇතුල් කරන්න පහසු වෙයි කියලා හිතුන නිසා. ඔබ කතා කරන මේ මතුපිට පුෂ්ඨ වගේම අපෙත් මනසේ අභ්‍යන්තරය දහසක් බාහිර දේවල් වලින් වැහිල තියනව බොහොම තදින්. මෙන්න මේ වැහිලා තියන මනස අරින්න පුලුවන් තරන් ශක්තියක් ගුරුවරයෙකුට ගොඩනඟා ගන්න පුලුවන් නම් තමන්ගේ උගැන්විම් ක්‍රමය මත ඉතා පහසුවෙන් සිසුන්ගෙ මනස ඇතුලට කතා කරන්න හැකියාවක් ලැබෙවි. සිසුන්ටත් ගුරුවරයා හ මනසින් එකාග්‍ර විම නිසා පෙරට වඩා ඉක්මනින් පැහදිලිව වටහා ගන්න හැකි වේවි. මනසින් මනසට එකවර බොහො දෙනෙක් එක්ක එකම අරමුණකට බැදෙන්න පහසු එක විදිහක් ගැලපෙන පුංචි සරල විහිලුවකින් එහෙමත් නැත්නම් කුතුහලය වඩවන දෙයකින් ආරම්භ කිරිම කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇත්ත. දීර්ඝ කාලයක් පර්යේෂණ පත්‍රිකා, සම්මන්ත්‍රණ සදහා සාරාංශ වගේ දේවල් වලට හිර වීම නිසා, ලිවීමේදී "General to Specific–Specific to General" කියන ආකෘතියේ අපි සමහර වෙලාවට හිර වෙනවා. නමුත් ශාස්ත්‍රීය ලේඛනයේදී හැමෝම ඊට හිර වෙනනිසා එය අපට නොවැටහෙන්න පුළුවන්. ඇත්තටම මේ හිරවීම තේරුම් ගන්න වෙනත් ක්ෂේස්ත්‍රවල වුර්තීයමය නිපුණයන් සමග සංවාද ඉතා වැදගත්. විද්‍යාව පොදු වශයෙන් අවබෝධයක් ඇති විෂයක් කරගන්නට මේ හිරවීමෙන් මිදීම වැදගත් වනවා යයි මම සිතන්නේ.

      Delete
  6. මේක කියෙව්වාම Physics, Algebra, Chemistry ඔක්කොම මතක් වෙනවනේ. ලිපිය බොහොම විස්තරාත්මකයි නමුත් බහුතර පාඨක පිරිසකට වදින එකක් නෑ කියල හිතෙනවා (අවංක අදහස දක්වන්නේ අදිරිමත් කිරීමට නොවේ). සංවාද ලිපිය වැනි සරළ එහෙත් ගැඹුරක් ඇති ලිපි වැඩියෙන් ලියමු. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබ බොහොම හරි. මේ පොස්ට් එකට ආපු "සෙන්නා"ගේ මුල්ම කොමෙන්ට් එකෙන්ම මට ලිපිය ලියද්දී යම් වැරදීමක් වුන බව තේරුණා. එත් වැරදුන තැන් මකාදැමීමට වැඩිය එහෙමම තියෙන එක හොදයි කියල හිතුවේ. ඒවා එහෙමම තියෙද්දේ නැවත මේටික කොටස් කීපයකට කඩලා ලියනවා කියලයි දැන් හිතාගෙන ඉන්නේ.

      ඇත්තටම මුලින් මට හිතුන තවත් සරල කරලා ලියන්න. එත් බොහෝ සරල කිරීම, නැවත නැවත විස්තර කිරීම කියවන්නාගේ දැනුමට කරන මදි පුංචි කමක්දෝ කියල සිතුන නිසා යම් ප්‍රමාණයකට ගැඹුරින් ලිවීම සුදුසු යයි සිතුවේ. ඇත්තටම එතැන මට වැරදීමක් වුණා කියන එක දැන් මට පැහැදිලියි.

      මම හිතන්නේ වෙනත් තැනකින් පටන් ගන්න. නොබෙල් ත්‍යාගලාභී දිවංගත මහාචාර්ය රිචර්ඩ් පිලිප් ෆේමන් 1959 දෙසැම්බර් 29 දා කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේදී ඇමෙරිකානු භෞතික විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී පැවැත්වූ "There's Plenty of Room at the Bottom, An Invitation to Enter a New Field of Physics " නමැති දේශනය වැනි ඉතිහාස කරුණු සමග වෙනත් පිවිසුමක් සුදුසු වෙයි කියා මම දැන් හිතන්නේ.

      ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය නැනෝතාක්ෂනය යනු කුමක්ද කියන සරල අවබෝදය වෙනත් ක්ෂේස්ත්‍ර වල නියුතු අයට ලබාදෙන්න. අඩුමගනනේ "Nanotechnology is the power of small things" කියන දේ අනාගතයේදී බොහෝ දෙනෙකුට තේරුම් කරන්න පුළුවන් නම් මට යම් තරමකට සෑහීමට පත්වෙන්න පුළුවන් වේවි.

      අදහස් දැක්වීමේදී අරුණ ඇතුළු සියළුම දෙනා මා ධෛර්යමත් කිරීම තමයි කලේ, තවම නම් කිසිම කෙනෙකු මෙහිදී මා පසුබට කලේ නැහැ. ඔබේ අවංක අදහස් මගේ ලියවිල්ල වඩා හොද එකක් කරාවි. බොහොම ස්තුතියි.

      Delete
    2. //////ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය නැනෝතාක්ෂනය යනු කුමක්ද කියන සරල අවබෝදය වෙනත් ක්ෂේස්ත්‍ර වල නියුතු අයට ලබාදෙන්න. අඩුමගනනේ "Nanotechnology is the power of small things" කියන දේ අනාගතයේදී බොහෝ දෙනෙකුට තේරුම් කරන්න පුළුවන් නම් මට යම් තරමකට සෑහීමට පත්වෙන්න පුළුවන් වේවි.///////////

      පැහැදිලිවම මෙය කලයුත්තක්. නැනො නැනෝ කිව්වට බේසික් තේරුම් කරදීමවත් කරදෙන්න අපි කාටවත් බැහැ. මේ උත්සාහය අතහරින්න එපා.

      ඔබට වෙලාවක් තිබේ නම් මේ ලිපිය කියවා බලන්න.

      Delete
  7. ඔබේ ලිපිය මටනම් ඉතාම පැහැදිලියි. (මමත් නැනෝතාක්ෂනය ගැන දන්න කෙනෙක් නෙමෙයි.) ඒත් කියවන අය අතර විවිධ අය සිටින නිසා ඒ හැමෝටම ගැලපෙන සේ ලියන එක අභියෝගාත්මක වැඩක්. මගේ ඇතැම් ලිපිත් සමහර අයට බරපතල වැඩියි. ප්‍රධාන මාධ්‍යකට ලිවීමේදී වුනත් මේ ප්‍රශ්නය තියෙනවා. මෙහි ඇති වෙනස අපට ෆීඩ් බෑක් එකක් ලැබීම. මට සාමාන්‍යයෙන් සමීකරණ වලින් යමක් තේරුම් ගැනීම හෝ පැහැදිලි කිරීම පහසු වුනත් ගොඩක් අයට එය අපහසුයි. ඒ නිසා හොඳම දෙය කතන්දර ආකෘතියේ ලිපි අතරට එවැනි දේ අතරින් පතර එබ්බවීම. වැඩිය නොදන්න තාක්ෂනික වචන ලියන විට ඉංග්‍රීසි වචනය වරහන් තුළ දැමීම හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සමහර වචන වලට සම්මත තේරුම් සොයාගන්න බැරිතරම්. ඒවගේ වෙලාවට හිතල ලියනවා. නමුත්, මටත් ඒ සම්මතය ගැන හරිහැටි විශ්වාස නැති වෙලාවට වෙනත් කෙනෙකු වැරදියට වටහා ගැනීම වලක්වා ගැනීමට ඉංග්‍රීසි වචනය යොදන්නේ. අනික කෙනෙකුට අවශ්‍ය නම් පහසුවෙන්ම ගූගල් සෙවුම හරහා වැඩිපුර සොයන්නත ලේසියි නේ එතකොට.

      Delete
  8. අදයි මේ පැත්තට ආවේ. සින්ඩි ගත කරගත්තා..... දිගට ම හමුවෙමු..

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ කියවීමට මෙන්ම ප්‍රතිචාරයට හා එක්කරගැනීමට.

      Delete
  9. සෙන්නා කියා තිබෙනවා වගේ සමහර කරුණු මට තවම වැටහුනේ නැහැ. නැවත කියවා බලන්නම්. මම විද්‍යාව සහ ගණිතය ඉහලට ඉගෙනගත් කෙනෙකු නොවෙමි.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් ලිවීමට පෙර බ්ලොග් කියවා තිබෙනවා. ඔබ ලියු ඒවාත් කියවා තිබෙනවා. ඔබේ ගණිත හෝ විද්‍යා දැනුම ඉහල නොවේ යයි මම සිතන්නේ නැහැ. අනික් අතට, මේ ලිපිය වෙනස් ආකෘතියකට නැවත ලියන්න හිතාගෙන ඉන්නේ වෙනස් පටන්ගැන්මක් එක්ක.

      Delete
  10. නියමයි. නැනෝ ගැන ඒ හැටි දන්නෙ නැතත් ලිපිය පැහැදිලියි. මේ ගැන ලිවිම නවත්වන්න එපා. මොකද මුල් ලිපිය ජාතියේ ලිපි සාමාන්‍යයෙන් තිබුනත් මෙවැන්නක් ලියන්න දැනට ඉන්නෙ (දන්නා තරමින්) ඔබ පමණයි. අලුත් විශයක් බ්ලොග් අවකාශයට පැමිණීමයි සිදුවියයුත්ත.

    ලිපිය ගැන කිව්වොත්, ලිපිය තේරෙන්නෙ නැත්තං ඒකෙ වැරැද්ද කියවන්නාගෙ මිසක් ලියපු කෙනාගෙ නෙවේ. සමීකරණ අල්ලල විසි කලත් සාමාන්‍ය ජීවිතයේදි ගල් කඩපු කෙනෙක් පවා අත්දැකීමෙන් දන්නව ලොකු ගලක් කැඩීමට වැඩිය ආයාසයක් පොඩි ගලක් කඩන්න ඕන බව. ලොකු පොල් ගෙඩියක් හෝ දිවුල් ගෙඩියක් බිඳීමට වැඩිය පොඩි ගෙඩියක් බිදීම අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නවීන විද්‍යාව හා තාක්ෂය ගැන වෙනත් ක්ෂේස්ත්‍ර වල නියුතු අයටත් යම් හදුන්වාදීමක් කිරීම තමයි මගේ ලිවීමේ අරමුණ. අනික මම නොදන්නා දේ ගැන ලිවීමට ගොස් අමාරුවේ වැටීමට වඩා මට හොදයි මම දන්නා දේ හැකි පමණින් ලිවීම. නැවත වෙනස් තැනකින් පටන්ගෙන ලියන්න හිතුවත් මගේ අවසාන ඉලක්කය පෙර තිබු එකමයි. බොහොම ස්තුතියි දිරිගැන්වීමට.

      Delete
  11. මෙය ඉතා වටිනා එකතුවක් සිංහල බ්ලොග් අවකාශයයට.. මගේ බ්ලොග් රෝල්ට එකතු කර ගත්තා.. හැකි හැම විටකම ලියන්න. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කරුණු ඉදිරිපත්කිරීමේදී පුළුල් පරාසයකට සරල වැටහීමක් හෝ ගැනීමට අවශ්‍ය කරන මුලික කරුණු හොදින් සිතාබලා නැවත ලියනවා.

      Delete
  12. නියමයි. නැනෝ තාක්ෂණය ආයුර්වේදය තුළ භාවිත කිරීම පිළිබඳ අපි මේ දිනවල යම් සොයා බැලීම් කරනවා. දැනටත් අපි නොදැන ම ආයුර්වේදයේ නැනෝ තාක්ෂණය භාවිත වෙන තැන් තිබෙන බව අවබෝධ කර ගනිමින් සිටින්නෙ. මෙය මට ඉතා වැදගත් ලිපි පෙළක් වෙයි. ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අලුත් දැනුම නිර්මාණය කරන්න නම් ඒ වගේ ගවේෂණය නොවුන පැත්තක් ගැන පර්යේෂණ කිරීමයි අත්‍යවශ්‍ය. ක්‍රිස්තුපූර්ව 600 වගේ කාලේ චීනයේ නැනෝ පරිමාණයේ කලිල රත්රන් අංශු ඖෂධයක් ලෙස භාවිත කර ඇතිබව බොහෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ වල වාර්තා වෙනවා. ඇත්තටම දැනුත් නැනෝ පරිමාණයේ කලිල නැනෝ රත්රන් අඩංගු සිසිල් බීමක් ජපානයේ සාමාන්‍ය වෙළඳ සල් වල විකිණීමට තිබෙනවා.

      මට ආයුර්වේදය සම්බන්ධ නැනෝ කියා කියන විට ඇතිවූ මුල්ම සිතිවිල්ල මෙය අඩුවෙන් ගවේෂණය වූ අංශයක් බවයි. හොද පත්‍රිකා ඉදිරිපත් කිරීමටත් එය වඩා හොද ප්‍රවේශයක් මම හිතන්නේ.

      Delete
  13. මේ කරුණු සරළව ඉදිරිපත් කරන්න ඔබ සෑහෙන වෙහෙසක් දරන බව පෙනෙනවා.දෙයක් කියන්නම්.ඔබේ ඒ වෙහෙස අපතේ ගිහින් නම් නෑ.
    තාක්ශනික වචන සිංහලයට නැඟීම ගැන නම් ගස්ලබ්බ හිතන්නෙ මෙහෙම.යම් වචනයකින් කියවෙන අදහස පාඨකයාට පැහැදිලි වූවාට පසු ඒ වචනයේ භාශාව ගැන වෙහෙසිය යුතු නෑ.වරහන් තුල ඉංග්‍රීසි වචනය යෙදීම ඉතාමත් වැදගත්.මොකද වැඩිදුර සොයා බැලීම් කරන අයෙකුට එය පහසුවක්.
    ජයවේවා..!!

    ReplyDelete
  14. ඔබේ දෙවෙනි සටහනත් කියෙව්වා. නැනෝ තාක්ෂනය ගැන කතා කළාට එහි මුලික සංකල්ප ගොඩක් දෙනා තේරුම්ගත හැකි ආකාරයෙන් මෙසේ ඉදිරිපත් කිරීම අගය කලයුතුයි. කොටස් වශයෙන් හෝ තවත් පැහැදිලි කිරීම් උදාහරණ සහිතව පැහැදිලි කරනවානම් වඩාත් වටිනවා. ඔබට ජය!

    ReplyDelete
  15. ඔබේ දෙවෙනි සටහනත් කියෙව්වා. නැනෝ තාක්ෂනය ගැන කතා කළාට එහි මුලික සංකල්ප ගොඩක් දෙනා තේරුම්ගත හැකි ආකාරයෙන් මෙසේ ඉදිරිපත් කිරීම අගය කලයුතුයි. කොටස් වශයෙන් හෝ තවත් පැහැදිලි කිරීම් උදාහරණ සහිතව පැහැදිලි කරනවානම් වඩාත් වටිනවා. ඔබට ජය!

    ReplyDelete
  16. මම අදයි මේ සටහන් කියවන්නේ.. මට හිතෙන්නේ මේ සටහනේ අවුලක් නෑ.. මම නම් සමීකරණ වගේ දේවල් එච්චර ඔළුවට ගන්නේ නැතුව ලියල තියෙන දේ දෙතුන් පාරක් කියවල බලල අදහසක් ගන්නවා..


    ReplyDelete
  17. මම අදයි මේ සටහන් කියවන්නේ.. මට හිතෙන්නේ මේ සටහනේ අවුලක් නෑ.. මම නම් සමීකරණ වගේ දේවල් එච්චර ඔළුවට ගන්නේ නැතුව ලියල තියෙන දේ දෙතුන් පාරක් කියවල බලල අදහසක් ගන්නවා..


    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.