Friday, January 27, 2017

මිනිස් ඉතිහාසයේ පලමුවතාවට වියරු න්‍යෂ්ටික බලයටත්, වියරු භූ ගර්භ බලයටත්, හයිඩ්‍රජන් වායුවේ වියරු පිපිරුම් බලයටත් එකවර මුහුණ දුන් - Fukushima 50

දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 3.40 PM






මේ සිදුවී තිබෙන්නේ ජපානයේ ඉතිහාසයේ වඩාත්ම විශාලම භුමිකපාවයි. බිහිසුණු සුනාමි ඛේදවාචකයකින් දරුවන් ඇතුළු මිනිසුන් 16,000 – 19,000 අතර ගණනක් මියගොසිනි. උදෑසන තිබු නගරය මේවන විට අතිවිශාල සොහොන් බිමකි. විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. බොහෝ දෙනෙකු මෙවැනි දීර්ඝ විදුලි බිඳවැටීමේ අත්දැකීමක් ලබන්නේ ජීවිතයේ පළමු වතාවටයි. පවුලේ අය තවම ජීවත් වේදැයි නොදනී. දැවැන්ත ඛේදවාචකයකි. ඇත්තෙන්ම මේ මහා අර්බුධයක ආරම්භය පමණි.

..


..



දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 8.30 PM







තකියුකි ඉනගකි, (Takiyiki Inagaki) සාමාන්‍යධිකාරී, නඩත්තු අංශය, ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරය





මසඔ යෝශිද, (Masao Yoshida) පාලක, ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරය 


යුරේනියුම් ටොන් 80 පමණ පමණ ඇති ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ පළමු ප්‍රතික්‍රියාගරය විලීන වීමේ පළමු පියවර දැනටම ආරම්භ වී තිබේ. ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ තිබෙන යුරේනියම්-235 ටොන් 300 ක පමණ විකිරණ වායුගෝලයට මුසු වීමේ පළමු පියවර දැන් දැන් සිදුවේ.

ෆුකුෂිමා-දයි-නී බලාගාරයේ ප්‍රතික්‍රියාගර 6 විලීන වීම මීලග මොහොතේ ආරම්භ වනු ඇත.

මේ සිදුවෙමින් පවතින්නේ ලෝකයේ ඉතිහාසයේ සිදුවූ විශාලතම නෂ්ටික අනතුර වූ ශේනෝබිල් අනතුර තරම් හෝ හෝ ඊටත් වඩා බිහිසුණු අනතුරකි.

දිනපතා පුහුණු, සතිපතා පෙරහුරු කිසිවකින් මේ වන විට පලක් නැත. මේ උදාවී තිබෙන්නේ කිසිවෙකු කිසිදින නොසිතු අර්බුධයකි. කිසිවෙකු ඊට මුහුණදිය යුතු අකාරය නොදනී. එය අදුරු සොහොන් බිමකි. විදුලිබලය හෝ දුරකථන ද එකසේ ක්‍රියාත්මක නොවේ. සැවොම අසරණ වී සිටී.

ගෙවෙන සෑම මොහොතකම න්‍යෂ්ටික ප්‍රතික්රියාගාර වල පීඩනය වැඩිවෙන අතර ලෝකයේ සිදුවිය හැකි විශාලතම න්‍යෂ්ටික අනතුරට වඩා ලංවෙමින් පවතී.

ටෝකියෝ විදුලි සමගම හෙවත් TEPCO වෙතින් හරි උපදෙසක් නොලැබේ. එමෙන්ම බලවත් පසු කම්පන සිය ගණනක් තවමත් සිදුවේ. 

ඔවුන් සටන් කරන්නේ ඇසට නොපෙනන සතුරෙකු වන න්‍යෂ්ටික විකිරණ නිකුත් කරන පාලනයක් නොමැති නෂ්ටික බලාගාරයක් සමගයි.

මේ බලවත් අනතුර වලක්වාගැනීමට යමක් කලයුතු වුවත්, කුමක් කල යුතුද කෙසේ කලයුතුද යන්න කිසිවෙකු නොදනී. 

It becomes darker and darker. A terrifying situation. We are fighting with invisible enemies, out of control reactors. We face a nuclear meltdown disaster.  (Takiyiki Inagaki)

..


..

දිනය: 2011.03.11 ස්ථානය : අන්තර්ජාතික සිසු නිවස්නය, යොකොහම ජාතික විශ්විද්‍යාලය, යොකොහම නගරය, ජපානය. වෙලාව : 8.45 PM






වත්සලා රණසිංහ (Wathsala Ranasinhe) මෙනවිය යොකොහම ජාතික විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි සිසුවියකි. සිදුවූ ඛේදවාචකය යොකොහම දක්වාම කැළඹීමට පත්කර තිබේ. විදුලි බලය තවම ස්ථායි නැත. ටෝක්යෝ නගරයට න්‍යෂ්ටික විකිරණ ඇතුළු වීමේ අවධානම සමගම සමහර විදේශිකයන් රට හැර යාමට දැනටම පටන්ගෙන තිබේ.

වෙළඳසල් වල තිබෙන්නේ දිගු පෝලිම්ය. මිනිසුන් ආහාර මත්පැන් දුම්වැටිද ආදී සුඛෝපබෝගී භාණ්ඩ මිලදී ගැනීමට දිගු පෝලිම්වල සිටී. තවම කිසිදු කලබලයක සේයාවක් ජනතාව අතර නැත. කිසිවෙකු පෝලිම පැනීමට හෝ සිතන්නේ නැත. ජපන් ජනතාව උපතේ සිට පුහුණු කර තිබෙන්නේ මෙවැනි අනතුරකට මුහුණ දීමටයි.

කෙසේ වුවද ජීවිතය රැකගැනීම අතිශය අසීරු අවස්ථාවකදී ජපන් මිනිසුන් කෙසේ හැසිරේ දැයි වත්සලා බියට පත්වේ. ශිෂ්ටාචාර ගත මිනිසුන් වුවද එවැනි අවස්ථාවක තිරිසනුන් මෙන් හැසිරිය හැකි බව ඇය කියවා තිබේ.

අවශ්‍ය විටෙක රටින් පිටවීමට සුදානම් වී සිටින ලෙසද, ඒ සඳහා අවශ්‍ය නැවත ඇතුල් වීමේ අවසරය (Re-entry permit)  ලබාගෙන තබාගන්නා ලෙස ඇයට ශ්‍රී ලංකාවේ ඥාතීන්ගෙන් උපදෙස් ලැබේ.

Dear Professor, I am really worried about the current situation. Tomorrow, I am going to take the re-entry permit. (Wathsala Ranasinhe)

..

..



දිනය: 2011.03.11 ස්ථානය : ටෝකියෝ නගරය, ජපානය. වෙලාව : 9.00 PM





Naoto Kan, The Prime-minister of Japan.
   

ජපානයේ අගමැති නඔතො කාන් මත තිබෙන්නේ අතිශය බරපතල වගකීමකි. ෆුකුෂිමා බලාගාර දෙක සමග විකිරණශීලී යුරේනියම්-235 ටොන් අටසියයක් පමණ වාතයට මුසුවීමේ අනතුර ක්‍රියාත්මක වෙමින් පවතී.

එතරම් විකිරණ ප්‍රමාණයක් වාතයට මුසුවුවහොත් සෙන්දයි සිට ටෝකියෝ දක්වා හෝ ඊටත් වඩා ප්‍රදේශයක් සම්පූරණයෙන්ම මිලියන 50 ක් පමණ ජනතාව ඉවත් කලයුතුය. මිලියන 50 යනු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ජනගහනයකි. වර්ෂ 1600 සිට ප්‍රධාන නගරය වූ ටෝකියෝව දශක කිහිපයකට අතහැරීමට සිදුවනු ඇත. ඊට හොදම උදාහරණය රුසියාවේ ශේනොබිල් නගරය අඩුම තරමේ වසර 600 ක්වත් යනතුරු අතහැර දැමීමට සිදුවීමයි.

යමක් කල යුතු වුනත් ඒ කුමක්දැයි කෙසේදැයි කිසිවෙකුත් නොදනී. ජපානයේ අගමැති නඔතො කාන් මුහුණ දෙන්නේ මිනිසා ශිෂ්ටාචාර ගතවූ දින සිට මිනිස් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙක් මුහුණ නොදුන් ප්‍රධන නගරය හිස්කිරීමේ අවධානමටයි.     

හදිසි අවස්ථාවක නිවැරදි තීරණයක් ගැනීමට ජීවිත කාලය පුරාවට ඔහු පුහුණු කර තිබුනද ලැබෙන තොරතුරු වැරදි නම් ඒ තීරණය ගැන විශ්වාසයක් තිබිය නොහැක.

අගමැති නඔතො කාන් යනු Tokyo Institute of Technology හි Applied Physics උපාධි දාරියෙකි. ඔහු න්‍යෂ්ටික විද්‍යාව ගැන දැනුවත් රාජ්‍ය තාන්ත්‍රිකකි. කිසිදු තොරතුරක් විශ්වාස කල නොහැකි මට්ටමේ පවතී නම් රාජ්‍ය නායකයා වශයෙන් ඔහුට සිදුවන්නේ න්‍යෂ්ටික විකිරණ නිකුත් කරන පාලනයක් නොමැති නෂ්ටික බලාගාරයක් වෙත ගොස් සියසින් තොරතුරු දැනගැනීමටයි. වගකීමෙන් යුතු රාජ්‍ය නායකයෙක් වශයෙන් අගමැති නඔතො කාන් තීරණය කරන්නේ පාලනයකින් තොරව පවතින අනතුරුදායක ෆුකුෂිමා බලාගාරය වෙත හැකි ඉක්මනින් ගොස් පරීක්ෂා කිරීමටයි.




ලෝකයේ දසදෙසින් කණගාටුව පලකරිමින් නිකුත් කැරෙන පණිවුඩ ජපානය වෙත ගලා එමිත් තිබේ. වරෙක ලෝකය යටත් කර ගැනීමට තැත්කළ තාක්ෂණයෙන් අනූන ශ්‍රේෂ්ඨ ජාතියක අනාගතය අවිනිශ්චිත තත්වයක පවතී. 


If Tokyo need to be evacuated, I fear entire nation of Japan will be paralyzed by chaos, for quite long time. (Naoto Kan, The Prime-minister of Japan.)

..


What it takes to save the country ? Bravery-Honor-Sacrifice – The Fukushima 50.







ඇත්තෙන්ම ඔවුන් වියරු නය්ෂ්ටික බලයටත්, වියරු භූ ගර්භ බලයටත්, හයිඩ්‍රජන් වායුවේ වියරු පිපිරුම් බලයටත් එකවර මුහුණ දෙමින් සිටී. මිනිස් ඉතිහාසයේ කිසිවෙකුත් මේ වියරු බලයන් සියල්ලට එකවර මුහුණ දී නැත. 

18 comments:

  1. මේ සිද්දිය ගැන අපිත් උනන්දු වුණා ඒ දවස් වල මොකද අපේ අක්කගේ මහත්තය ඔය සිදුවීම වෙනකොට ජපානේ හිටපු නිසා. නමුත් එයා නම් කරදරයක් නැතිව ආවා. පස්සේ ඔය සිද්දිය එහෙම්මම අමතක වෙලා ගියා. මේ සටහන නිසා ඔවුන් මේ අනතුරට මුහුණ දීපු හැටි සහ වලක්වා ගත් ආකාරය ගැන නිවැරදිව දැන ගන්න පුළුවන් වෙයි.

    තවත් කොටස් ඇතැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීමේදී ආදර්ශයට ගතයුතු වගේම බැහැර කලයුතු සිදුවීම් සිදුවුණා. විදුලි සමාගම කටයුතු කල ආකාරයට බොහෝ විවේචන තිබෙනවා.

      විදේශිකයන් බියවූ තරම් සිදුවීමක් කොහේ හෝ සිදු වුනේ නැහැ. නමුත් ටෝකියෝ නගරයේ මිලියන 50 ක ජනතාව හිස් කරන්න සිදු වුනා නම් මේ කතාව බොහෝ සෙයින් වෙනස් වෙන්න තිබුණා.

      ඔවු මම කැමති මේ සිදුවීම ගැන තව කොටස් කිහිපයක් ලියන්න.

      Delete
  2. මේ ලෝකයට න්‍යෂ්ඨික බලය අවශ්‍යමද ? මේවගේ අවස්තාවකදි ඇති වන විනාශයත් එක්ක සළකලා බැලුවම ඒකෙන් ලබන ප්‍රතිලාබයන් එච්චර වටින්නේ නෑ වගේ..

    ඉංදියාවේ කබල් න්‍යෂ්ඨික බලාගාර දෙකක් තමිල්නාඩුවේ අටවලා තියනවලු නේද ? මොනවා හරි වුනොත් අපිට මුහුදට පනින්න තමා වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ගැන මගේ අදහස පිළිගැනීම අවශ්‍ය නැහැ. නමුත් මගේ විශ්වාසය නම් ෆොසිල ඉන්දන හා ස්වභාවික වායුන් හැරුණුවිට ලෝකයේ මීලගට බලශක්ති ප්‍රබවයක් වශයෙන් විශ්වාසය තියන්න පුළුවන් වන්නේ නෂ්ටික බලය මත ය කියන එක. සූර්ය බලය වගේ ශක්තීන්ට වෙනත් බලශක්තියක් සමග හවුල්වෙලා බලශක්ති අවශ්‍යතාවයට දායක වෙන්න පුළුවන් වුනාට ෆොසිල ඉන්ධන නැතිව තනිවම ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපයන්නට අවශ්‍ය තාක්ෂනය තවම පේන තෙක්මානයක නැහැ.

      ෆුකුෂිමා-දයි-1 බලාගාරය 1971 තැනීම ආරම්භ කල එකක්. එය තමයි අනතුරට මුහුණ දුන්නේ. 1982 තැනු ෆුකුෂිමා-දයි-2 බලාගාරය ආරක්ෂා කරගන්නට පුළුවන් වුණා. අපි දැන් ඉන්නේ 2017. මේ බලාගාර ඉතම පරණ ඒවා. එත් මිනිස්සු අතරට ගිහින් තිබෙන්නේ මේ Generation 1 පමණයි. Generation 2, 3, 3.5, 4 molten fluoride reactors වගේ දියුණුවෙමින් පවතින ඒවා ගැන සලකා බලන්නේ නැතිවයි සාමාන්‍ය ජනතාව න්‍යෂ්ටික බලයට එරෙහි වෙන්නේ. දුරකථන වල 3G 4G ගැන මිනිස්සු දන්නව වුනාට මේවා ගැන අවධානය යොමු කරන්නේ නෑ. එතන ලොකු ගැටුමක් තිබෙනවා. නමුත් මිනිස්සුන්ට දොස් කියන්න බැහැ.

      අපේ රටේ කුඩා ජල විදුලි බලාගාරයක්, ගල් අඟුරු බලාගාරයක් හෝ වෙන මොන බලාගාරයක් හදන්න හැදුවත් පරිසරවේදියෝ සහ ගමේ මිනිස්සු විරුද්දයි හදනවට. නමුත් ඒ හැමෝටම විදුලි බලය පමණක් අවශ්‍යයි. විදුලි බලය අවශ්‍ය වෙන්නේ අපේ සුවපහසුවට. මම විශ්වාස කරන්නේ "Every thing has its own cost" කියන එක.

      න්‍යෂ්ටික බලය සමග අනිවාර්යයෙන් තිබිය යුත්තේ වගවීම සහ කැපවීම. මේ සිදුවීම ජපානයේ නොවී ඉන්දියාවේ වුණා නම් බොහෝවිට එය ඛේදවාචයක් වන්නට ඉඩ තිබුණා. ජපානයේත් සිදු වුන වැරදි දැන් මාධ්‍ය වල හෙළිදරව් කර තිබෙනවා.

      Delete
  3. ඔය විකිරණ කියන්නෙ පට්ටපල් බොරුවක්.
    ඇස් දෙකට පෙන්නෙන්නෙ නෑනෙ.
    - මීට නලින් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. ඡායාරූප තහඩු අඳුරුවීම, රසායනික ද්‍රව්‍යවලින් දිලිසුම් ඇතිවීම, විභව අන්තරයක් යෙදූ ඉලෙක්ට්‍රෝඩ අතරින් ධාරාවක් ඇතිකිරීම,
      සජීවී පටක වලට හානිවීම සහ තවත් දේ පැහැදිලි කිරීමට බටහිර විද්‍යාවේදී ගොතනලද කතාව තමයි විකිරණ කියන්නේ.

      Delete
    2. ඔවු. මේක සීමිත මොඩලයක්. ඒකෙ සීමාව දැනගෙන තමයි බටහිර විද්‍යාව එක්ක වැඩ කරන්න ඕනේ. සමහරු නිවුටන්ගේ චලිතය ගැන 3 වෙනි නියමයෙන් කර්ම ඵල එහෙම පැහැදී කරන්න හදනවා එහෙම දැකල ඇති මන් හිතන්නේ.

      විභව අන්තරයක් යෙදූ ඉලෙක්ට්‍රෝඩ අතරින් ධාරාවක් ඇතිකිරීම fundamental particle exchange මොඩලයට යන්නේ නැතුව ක්ලැසිකල් මොඩල් එකෙන් පැහැදිලි කරන ඒක ලේසි මන් හිතන්නේ.

      ඔබට ඉඩක් තියේ නම් විභව අන්තරයක් යෙදූ ඉලෙක්ට්‍රෝඩ අතරින් ධාරාවක් ඇතිකිරීම විකිරණ ඇසුරෙන් පැහැදිලි කරන්න පුලුවන්ද කියල ඉල්ලීමක් කරන්න කැමතියි.එය කියවන හැමෝටම වැදගත් වේවි.

      Delete
  4. තව කොටස් ඇතැයි හිතෙනවා.ඔය ෆුකුෂිමා බලාගාර අනතුර ගැන කියවෙන පුවත්වල කියවුනු දෙයක් තමයි "සිසිලන පද්ධති"ක්‍රියා විරහිතවීම බලාගාරය අනතුරට පත්වීමට ප්‍රධාන හේතුවක් කියලා.ඒ කරුණු සත්‍යක්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක සත්‍යයක්. ෆුකුෂිමා 50 කණ්ඩායම කලේ ඉතා අසීරු තත්වයන් යටතේ සිසිලන පද්ධති ක්‍රියාත්මක කිරීම. පසුවට මුහුදු ජලය ඉසීම හෝ කල හැකි වුනේ ෆුකුෂිමා 50 කණ්ඩායම කල ශ්‍රේෂ්ඨ කැපවීම නිසා.

      සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම ඉතා සංකීර්ණ හේතු විශාල ප්‍රමාණයක් නිසා සිදු වුන බවයි පරීක්ෂා වලින් හෙළි වුනේ. අඩි 50 ක සුනාමි රල කිසිවෙකු බලාපොරොත්තු වුන තත්වයක් නොවෙයි.

      ඔවු මම කැමති මේ සිදුවීම ගැන තව කොටස් කිහිපයක් ලියන්න.

      Delete
  5. ඔබ ලිපිය සකසන ආකෘතිය ඉතාමත් සිත්ගන්නාසුළුයි.
    ඉතාමත් උනන්දුවෙන් මේ විස්තර කියවූයෙ.ඔව්.දැන් තාක්ශනය දියුණු ඇති.නමුත් ඉන්දියාවෙ ඉදිවන බලාගාර ගැන නම්... (ෆීලිං අනේ මන්දා.)
    මාතෘකාව ඔස්සේ තවත් ලිපි එනතුරු අපි මඟ බලාගෙන.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ආකෘතිය නම් අපි හැදුවේ කලකට කලින් විදේශීය සිසුන්ට කල ප්‍රසන්ටෙෂන් එකකට. කළයුතුව තිබුනේ ඩොකියුමන්ට්‍රි එකක් වුනත් මුදල් හා කාලය නැති නිසා වීඩියෝ එම්බෙඩ් කරපු ප්‍රසන්ටෙෂන් සැලසුම් කළා.

      24 කතාවේ ආකෘතිය තමයි අපි ඒ වැඩේට අත්හදා බැලුවේ. ළමයින්ගේ මුණු වලින් පෙනුනේ ඒක ඔවුන්ට සැහෙන දැනුන බව.

      මෙතෙක් ලියා තිබෙන සියලු කරුණු මම දන්නා තරමින් ඇත්තටම සිදු වුන ඒවා.

      මම කොහොමටත් න්‍යෂ්ටික බලය ගැන වැඩිය දන්නා කෙනෙක් නෙවෙයි. න්‍යෂ්ටික බලයට විරුද්ධ අයත් විශාල පිරිසක් ඉන්න එක හොදයි. එතකොට තමයි ආරක්ෂාව තව තවත් හැකිතරම් ඉහල දමල ජනතාව සෑහීමට පත්කරන්න සමාගම් වලට සිදුවෙන්නේ.

      Delete
  6. ඉක්මනට ඉතුරු ටික ලියන්න

    ReplyDelete
  7. නාට්‍යානුසාරීයි...
    කියන්නට තරං දෙයක්නැ ඉතුරු කොටස් කිහිපයත් කියවන්න එන්නං

    ReplyDelete
    Replies
    1. ඔව්. එත් මේ ජවනිකා වසර කිහිපයකට පෙර සත්‍යය වශයෙන් සිදුවුණ ඒවා.

      Delete
  8. තව ටිකක් කරුණූ එක් රැස් කොට පිළීවෙලක් ගත්ත නං හොදයි. ඉතා වටිනා ලිපි මාලාවක් වෙන්න පුළුවන් මේක.. නමුත් අතරින් පතර හිඩැස් පේනවා මේ කොටසෙත්.. ජය

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම දිග කතාවක් මම හිතන්නේ. සමහර විට කිසිවෙකු සම්පූර්ණයෙන් නොදන්නා නොකියූ කතාවක්.

      ඔවු. ඔබ හරි. භුමි කම්පාව වුන මොහොතේ සිට අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම, බලාගාරයේ සුපිරින්ටන්ඩන් වරයාගේ පිළිකාවකින් සිදුවුණ මරණය දක්වා ඉතාම සංකීරණ කතාවක් තිබෙනවා. ඒ කතාව තවම ඉවර නැහැ. තව අවුරුදු 100 වත් මේ කතාව දිග්ගැස්සේවි. මේ ටිකේ නම් දැනුවත් දේවලිනුත් ඉතාම සුළු ප්‍රමාණයක් ලියා තිබෙන්නේ.

      මොකක්ද වුනේ. ඒකට මොකක්ද කලේ, කොහොමද කලේ, කවුද කලේ කියන දේවල් දැනගන්න කැමති අය ඉන්න බව පේන නිසා විස්තරකරලා ලියන්න පුළුවන්.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.