Saturday, February 25, 2017

අරුන් මෝලිගේ ITN මැජික් සහ Nitinol Alloy

මේ දවස් වල ITN එකේ ආකර්ශනීය විදියට ඉදිරිපත් කරන කඩවසම් මැජික් කරුවෙක් තමයි අරුන් මෝලි ලෙස කියවෙන්නේ. අලංකාර විදියට ජැපනීස් මැන්ඩලීන් එක වාදනය කරන තරුණියත් ඉතාම දක්ෂයි. තවත් එවැනි දක්ෂයෝ හිටියා. තරුණ අයට එවැනි අවස්ථා ලැබීම ඉතා හොඳ දෙයක්. අරුන්ගේ අපූරු ඉදිරපත් කිරීම අගය කරන ගමන් එහි ඔහු යොදාගතිපු කම්බි වර්ගය යයි මම අනුමාන කරන නිටිනොල් (Nitinol) ගැන තමයි මේ කෙටියෙන් ලියන්නේ.



Nitinol කියන්නේ Nickel සහ Titanium අඩංගු ඇලෝයි  එකක්. රත් කරලා බලයක් යොදා හැඩගස්වලා වතුරේ ඔබල නිව්වට පස්සේ ඒ හැඩය මතක තබා ගන්න (Shape Memory Effect) නිටිනොල් වලට පුළුවන්. පසුව හැඩය වෙනස් කරලා නැවත රත් කරනවිට අර හදපු මුල් හැඩයට නැවත පත් වෙනවා.






නිටෝනොල් වල යෙදීම් ගොඩක් විද්‍යාවේ පර්යේෂණ වල සිදු වෙනවා. කෘතීම පේශි සහ නිටිනොල් තාප එන්ජිම ඒවගෙන් කීපයක්. ගැන අදටත් ලෝකේ පර්යේෂණ සිදු වෙනවා. නමුත් නිටිනොල් කියන්නේ ඉතා මිලඅධික මිශ්‍ර ලෝහයක්.




මැජික් යෂ්ටියක් වගේ අපූරු දේවල් කරන්න පුළුවන් මැටීරියල් සයන්ස් වලට අපේ ලංකාවේ තවම තිබෙන්නේ තරමක අඩු සැලකිල්ලක්.

නිටිනොල් වල Shape Memory Effect එන Chemistry/Physics  ගැන දැනගන්න කැමති අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න. :D


13 comments:

  1. මතක් කරන්න එපා ඔය කෙමිස්ට්‍රි, A/L වලට අමාරුවෙන් C එකක් දාගත්තෙ.
    අන්න අර ෆිනෝල් එක තමයි මට ඔය අටමගුල එපා කෙරෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. කෙමිස්ට්‍රි වලින් තමයි මන් නම් ගොඩගියේ. පහු කාලෙත් වෙන පැති වලට ගිහින් කෙල වුන වෙලාවට කෙමිස්ට්‍රි තමයි පිහිටට ආවේ. ඉදිරියටත් එහෙම තමයි ඉතින් මට නම්. :D

      Delete
  2. Replies
    1. මාරයි. හැබැයි සරලයි.

      නිටිනොල් වලින් low temperature heat engine පුළුවන් හදන්න. 1980 ගණන් වල ඇමරිකාවේ හදල තියෙනවා 10 MW එකක්. හැබැයි නිටිනොල් ගණන් නිකල් ටයිටේනියම් අඩංගු වෙන නිසා.

      Delete
  3. කෙන්කි.....මම දැන් දැන් බරපතල දේවල් හිතන්නේ නැහැ. ඒත් මේ වගේ ලිපි ලියලා තිබුනොත්, කවදා හරි, කාට හරි වැදගත් වේවී.

    ජපන් මැන්ඩලීන් ගර්ල් නම් ප්‍රයෝජනවත් අනාගතයකට පාර හදාගත්තා කියන එක ශුවර්. රූකාන්ත ඒ ගමන නිර්මාණය කරලා දෙයි කියලා මට හිතෙනවා. ඇය බුද්ධිමත් නම් නිසි මග යයි. මම හරි ආඩම්බරවෙනවා ඇය පිලිබඳව.

    ReplyDelete
    Replies
    1. ඇය බොහොම අහිංසක දරුවෙක් බව මට හැඟෙනවා.

      Delete
    2. ඔය ඉන්ස්ටෘමන්ට් එකට ජපන් වලින් කියන්නෙ තයිෂෝගොතෝ (大正琴) කියල.
      මෙන්න ඒක ප්ලේ කරන ලින්ක්ස් දෙකක්.
      https://www.youtube.com/watch?v=BOZFOVsBu3c
      https://www.youtube.com/watch?v=RAxoH-4ePhI

      Delete
    3. ඔවු අරුණ මහත්තයා. ඒ ගෑනු ළමය ගැන නම් මටත් හිතුනේ එහෙමයි. කොහොම වුනත් සංගීතය ගැන යම් දර්ශනයක් ඔලුවේ තියෙන කෙනෙක් වගේ.


      තයිෂෝගොතෝ (大正琴) !! ස්තුතියි. ඔබ නිසා නොදන්නා අලුත් දෙයක් දැනගත්තා. ඒ නම දැනගෙන හිටියේ නෑ.

      කන්ජි තුනේ රූප වලින් කියවෙන අදහස රූපමය අදහස පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද ? මට තේරුම් ගන්න අමාරුයි.

      Delete
    4. මන් හිතන්නේ ජපානෙට ආපු කාලේදීම එන්කා වලට වශී වුනේ ඔය තයිෂෝ කොතෝ සංගීතයේ තිබෙන හද පාරන ශෝකී ස්වරයට වෙන්න ඕනේ.

      අනික පාරේ යද්දී සද්දේ ඇහිලා සොයාගෙන ගියපු තෙන්රි ක්‍යෝ ගීතිකා වලට.

      දෙවැනි ලින්ක් එකෙන් ගියාම ආපු වීඩියෝ ටික නම් නියමයි. ඒ ටිකක් එකතුකරලා පොස්ට් එකක් දාන්න ඕනේ.

      Delete
    5. ජපන් මැන්ඩලින් ගැන ඇනෝගේ ජපන්ගේ සටහනට ස්තුතියි...

      මේ භාණ්ඩේට බොහෝ අය කැමතියි. ලංකාවේත් බොහෝ සංගීත පොරවල් මේකට ආදරේ කරනවා. මේක නිකං අමුතුම සොමි සහ ආතල් හඬක්. මම හරි කැමතියි අහන්න. මම පොඩි කාලේ අපේ ගෙවල් ගාව හිටියා ජපන් මැන්ඩලින් ගහන අහිංසක අන්ධ අන්කල් කෙනෙක්. එදත් ආසයි.අදත් ආසයි.

      ප.ලි..........කෙන්කි මහත්තයෝ, අර "අරුණ මහත්මයා" නැට්ට කපලා දාන්න බැරිද...මට වැඩිපුර කවුරුත් මහත්තයා කියන්නේ නෑ. මට ඒක හරි අපහසුයි. හුරු නැති නිසා වෙන්නැති.

      Delete
  4. අධිමානසික ශක්තියෙන් කරනවා කියා බාහිර බලයක් නොයොදා හැදි, කොට් හැන්ගර් වගේ ලෝහ උපකරණ නවන මිනිස්සු කලෙත් ඔය මැජික් එක වෙන්නැති

    ReplyDelete
    Replies
    1. සමහර තැන් වල ඔවුන් එහෙම කල බව කියවෙනවා.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.