Wednesday, March 22, 2017

බ්ලොග් පිටුව වසා දැමීම

මෙතෙක් දිරිමත් කල කොමෙන්ට් මගින් සංවාද ඇතිකළ "ගස් ලබ්බ" "සඳ වියමන්" බ්ලොග් කරුවන ඇතුළු සියලු දෙනාට ස්තුතියි.

පසුගිය වසරේදී තාක්ෂණය පිලිබන්ධ ලිපි කිහිපයක් ලියා ඇති අතර ඒවා කිසිදු හිමිකම් ඇවිරීමකින් තොරව පවතී.

ශ්‍රී ලංකාව තුල විද්‍යාව ප්‍රචලිත කිරීම ද රජයේ ඇකඩීමියානු මාෆියාවන්ට අරක්ගත් උදවියටම කරගෙන යාමට ඉඩදී පැත්තකට වීම සුදුසු බව මට සිතේ. එහෙයින් බ්ලොග් පිටුව මෙතනින් වසා දමමි.




37 comments:

  1. I dont know how it came to decide.. If u are not interested or no joy about writing it is not a matter of loosing. But if you feel that the things you have posted here are valuable pl.. keep them for generations to read and understand.. Deleting your blog... I see as a desperation.. And furthermore there were many comments by me.. I need them and its not belong to you.. What you can do for them??? Just ignore your decision. No matter u write or not.. just leave it i mean the blog.

    ReplyDelete
    Replies
    1. Your comment was acknowledged. As explained below, appropriate actions were taken according to your suggestions.

      Thank you so much.

      Delete
  2. Replies
    1. I had a reason to thrive this blog. Now, it seems my reason is not valid anymore. Just, cause and effect.

      I am sorry.

      Delete
  3. ඕයි ඕයි මොකෝ මේ.
    එහෙම ඔයාලට හිතෙන හිතෙන වෙලාවට නවත්වන්න බෑ හරිද.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ජපන් සමා, අපේ පළමු වැනි ලෝකයේ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පදනමේ යාවත්කාලීනවීම් වල සතුටු දායක බව තමා ඉතින්.

      ඒ වෙලාවෙත්, කන්න බොන්න ඉන්න සල්ලිත් සොයා දීල අපේ හෙට දවස ගැනත් වද වෙන අපේ යන්ග් සෙන්සේ වෙනුවෙන් තුන් වැනි ලෝකේ ජපානෙටම මොකක් හරි කරනවා. ඉඩ ලැබුනොත් මේවා ගැන ආයේ හිතල බලනවා කාලෙකින්.

      Delete
  4. මේක නම් හරිම අවාසනාවක්.මේ විදියට කටයුතු කිරීම ඒ මාෆියාවන් ලබන ජයක්.මම ඉල්ලනවා ඔබේ තීරණය නැවත සලකා බලන මෙන්. දැනුම අපට බෙදා දුන් ඔබේ බ්ලොග් එක නැවත සක්‍රිය වනු ඇතැයි අපේ පැතුමයි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සිත රිදවීම ගැන

      සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ.

      Delete
  5. මේ මේ මචෝ. කොමෙන්ට් නොකෙරුවට මමත් කියවනව. උත්සාහය යනු පරාජය බලෙන්ම බාර ගැනීමත් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඔයා ෆලොවර් ලිස්ට් එකේ ඉන්නවා මම දැක්ක ටික දවසක ඉදන්ම. කියවීමට ස්තුතියි.

      පරාජය බාර ගැනීමක් නොවෙයි. මට ලියන්නට තිබුන හේතුව දැන් ඇත්තේ නැති වීම.

      කරුණු සිදුවන විදිය අනුව නැවත එසේ හේතු ඇති වන්නටත් පුළුවන්.

      එසේ වුවොත් නැවත ලියන්නට පුළුවන්. සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ

      Delete
  6. හෙම වහන්න දෙන්න බෑනෙ
    අපිත් මේවයෙ අයිතිකරයො

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු. පොදු දේපල. දේශකයා කීව වගේ ඔන්න ඔහේ තියෙන්න අරිනවා පොදු දේපල නිසා මකන්නේ නැතිව.

      Delete
  7. අපරාදේ.. ආපහු හිතල බලන්න.

    ජය!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සිත රිදවීම ගැන

      සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ

      Delete
  8. මං කිව්ව හරි
    මූට ජපන් කෑල්ලක් සෙට් වෙලා
    හිටපංකො මම අල්ලගන්නං.

    ReplyDelete
    Replies
    1. ඇනෝ-ජපන් සමා,

      මේ ටිකේ අපේ ප්‍රොෆෙසර්ට "ඔකනේ ග නයි" අප්පා. ඒ නිසා ඒ වෙනුවෙන් ටිකක් වැඩිපුර වෙලාව ගෙවෙනවා.

      අලුත් ටිකක් data තියෙනවා හරිගස්ස ගන්න. Data වගේ නෙවෙයි අප්පා මේවට manuscript ලියන්න stories හදන එක. දැන් ඉතින් student කාලේ වගේ නෙවෙයි තනියම එපයි කරගන්න මෙවුවා :D


      ජපන් කෑලි <3 හපෝ උන්ට බොන්න අරන් දීලම මනුස්සයෙක් හිගමනට වුනත් වැටෙන්න පුළුවන් : ))

      මාත් එක්ක ඉන්න ජපන් කෑලි ඉතින් අපේ students ල නේ. ඉතින් බොහොම පරෙස්සමෙන් තමයි එයාල එක්ක ගනුදෙනු කරන්නේ. සෙට් කරගන්න යන්නේ නෑ.

      Delete
  9. ෙම් ෙමාෙකා්, කියන්ඩ ෙබාස් කවුද ඔෙහ්ට අැණයක් වුණු අැකඩමික් මාෆියාෙවා්, අැෙනන්නම් හිල්ෙවන්න.

    ෙචන්ජ් ඒකක් අර පස්ෙස් අැවිත් ලියන්න,

    ReplyDelete
    Replies
    1. හේ හේ !! ඒක තමයි.

      සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ

      Delete
  10. Replies
    1. මම විද්‍යාව සහ තාක්ෂණය ගැන ලියන්නට හේතුව මෙසේ මම දෙවැනි ලිපියේදී විස්තර කළා. මේ වන විට එම හේතුව පවත්වාගෙන යන්නට අපහසුයි.

      කරුණු සිදුවන විදිය අනුව නැවත එසේ හේතු ඇති වන්නටත් පුළුවන්.

      එසේ වුවොත් නැවත ලියන්නට පුළුවන්. සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ.

      Delete
  11. කෙන්කියුශා,
    මිත්‍රයා ඔබ ගවේශකයෙක්,ස්වභාවධර්මය විශ්වාස කරන්නෙක්.ඒ ඔබ ඔබව හඳුන්වාදුන් ආකාරයයි.
    ඔබට තීරණ ගැනීමට ඇති අයිතියට ගරු කරනා අතරම අප,පාඨකයින් ඒ තීරණයට කිසිසේත්ම එකඟ නැති බව ඔබට කියන්නට කැමතියි.
    වසර 2500කට පෙර ගෞතම බුදුන් නම් පුද්ගලයෙක් අටලෝ දහම නම් සංකල්පයක් පිළිබඳ යම් අදහස් පලකිරීමක් කර තිබෙනවා.ඉඩක් ඇත් නම් ඒ ගැන සුළු හෝ අවධානයක් යොමු කරනා ලෙසට ඉල්ලා සිටින්නවා.
    මා ඔබට උපදෙස් හෝ අවවාද දෙන්නට තැත් කරන්නේ නෑ.
    නමුත් ඉල්ලීමක් කරන්න කැමතියි.
    රජයේ ඇකඩමියානු මාෆියාව විසින් මෘශ්ඨිගතව තබාගන්නා වටිනා දැණුම ඔබ වැනි පිරිස් බ්ලොග් වැනි නිදහස් විකල්ප ප්‍රකාශන මාධ්‍ය භාවිතා කිරීම නිසා සමාජගතවීමක් සිදු වෙනවා.මා පුද්ගලිකව ඔබේ බ්ලොග් පිටුව හඳුනාගන්නේ අනාගත පරම්පරාව සඳහා වන දැණුම ගබඩාවක් ලෙසින්.
    හැකි නම් ඔබේ තීරණය නැවත සලකා බැලීමකට යොමු කරන්න.අනාගතය උදෙසා ඔබගේ බ්ලොගය අඛණ්ඩව යාවත්කාලීන කරන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පහල දීර්ඝ පිළිතුරු දෙකම යාව ජීව සාමාජිකයෙක් වුන ඔබේ අදහස ඉලක්ක කරලා තමයි ලිව්වේ.

      Delete
  12. සාමාන්‍යයෙන් මෙවැනි ලිපියකින් පසුව වන්නේ කොමෙන්ට් අසුරා දැමීම හෝ පිළිතුරු නොදී සිටීම. නමුත් මම එවැනි අධිපති වාදී හැසිරීම් ප්‍රිය කරන්නේ නෑ. මේ පණිවුඩය තැබුවේ බ්ලොගය මකා දැමීමේ අරමුණින් ඊට පෙර අවශ්‍ය කෙනෙකුට යමක් පිටපත් කරගැනීමට අවශ්‍ය නම් එසේ කරගැනීමට කාලය දීමට. ඒ හොරණ තක්ෂිලා විද්‍යාලය වැනි සම්මත අධ්‍යාපන ආයතන පවා මේ බ්ලොගයේ යම් ලිපි සිසුනට නිර්දේශ කර තිබෙනු දුටු නිසා. එහිදී මට අන් අයගේ කොමෙන්ට් ගැන මතක් වුනේ නෑ. දේශකයා කියනවා වගේ කොමෙන්ට් ඒවගේ මුල් අයිති කරුවන්ට අයිති නිසා බ්ලොග් එකත් සමග ඒවා එසේම තිබුණාවේ. බ්ලොග් පිටු මකාදැමීම සිදු නොකිරීමට මම තීරණය කළා ඔහුගේ අදහස අනුව.

    ගස් ලබ්බ මිත්‍රයා මතක්ව කරනවා වගේ මම හිතන්නේ ස්වභාව ධර්මය විශ්වාස කරන්නෙක්. එත් මම බුදු දහම හෝ අනෙක් ආගම් පහත් කොට සලකන උද්දච්ඡ සිතුවිලි පිළිගන්නේ නෑ. විද්‍යාව යනු පර්යේෂණාත්මකව අධ්‍යනය කරන ස්වභාවධර්මය බවයි මම හිතන්නේ. එමෙන්ම බුදු දහම යනු දර්ශනයක් ලෙස ස්වභාව ධර්මය ගැන කර ඇති ඉතා පරිපූර්ණ පැහැදිලි කිරීම බවයි මම හිතන්නේ. මම හිතන්නේ දෙමවුපියන් අඹු දරුවන්ට සංග්‍රහ කිරීම මංගල කරුණක් වන්නේ එය බුදු දහමේ කියා ඇති නිසා නෙවෙයි. එය දියුණුවට ස්භාවයෙන්ම වැදගත් කරුණක් බැවින් තමයි බුදු දහමේ මංගල කරුණක් ලෙස කියා තිබෙන්නේ. එයයි මම ස්වභාව ධර්මය විශ්වාස කරන්නෙක් කීමෙන් අදහස් කරන්නේ.

    ReplyDelete
  13. අස්සජි තෙරුන් වහන්සේ බුදුදහම සැකෙවින් ප්‍රකාශ කලාය කියල මම කියවා තිබෙනවා.

    යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
    තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ

    හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.

    ගස් මිත්‍රයා කියා තිබෙන ලෙසම යම් කල කිරීමක් තිබෙනවා තමයි. නමුත් මම කලින් ආ මාර්ගයේ හැටියට මම මේවනවිට ඉදිරියට යන්නේ දියුණු ලෝකයේ පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සමග බැවින් අධෛර්යයට අසරණ භාවයට හෝ කිපීමට පත් වෙන්නේ නෑ. අටලෝ දහම ස්වභාවිකව සැමට මුහුණ දෙන්න සිදුවන දෙයක්.

    මම විද්‍යාව සහ තාක්ෂණය ගැන ලියන්නට හේතුව මෙසේ මම දෙවැනි ලිපියේදී විස්තර කළා. මේ වන විට එම හේතුව පවත්වාගෙන යන්නට අපහසුයි.


    //අනෙක් අතට ගත් කල, මම තරුණ විද්‍යාඥයෙක් මි. අධික මිලක් වැය වන අපගේ පර්යේෂණ සදහා අරමුදල් ලැබෙන්නේ සමාගම් හෝ මහජන බදු මුදල් වලිනි. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා අරමුදල් ලැබීම ඉතාම පහල මට්ටමක පවතින බව මම දනිමි. එහෙත් ඉදිරි වසර හෝ දෙක තුලදී මම නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැනෝ තාක්ෂණ පර්යේෂණ කිරීමටද බලාපොරොත්තු වෙමි. ලංකාවේදී ලැබෙන පර්යේෂණ අරමුදල් ගැන දොස් කියන බොහෝ පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ මහජනතාවට අවබෝධ කර දීමට වෙහෙස වන්නේ නැත. සමහර පර්යේෂකයන් සිතන්නේ මහජනයාට ඔවුන්ගේ පර්යේෂණවල වැදගත් කමක් නොතේරුනද, මහජන අරමුදල් තමාට ලැබිය යුතුම බවයි. මම ඊට එකඟ නොවෙමි.


    පර්යේෂකයෙකු වශයෙන් මම මගේ පර්යේෂණ ක්සේස්ත්‍රය ගැන සිංහලෙන් ලියන්නට ආසන්නම හේතුව මෙයයි. මම විශ්වාස කරන්නේ අරමුදල් වැඩිපුර ලබා ගැනීමට නම් මගේ පර්යේෂණ සහ ඒවායෙන් මහජනතාවට හෝ යම් සමාගමකට හෝ ලැබෙන ප්‍රතිලාභ සරල බසින් ඔවුනට පැහැදිලි කරදී අරමුදල් ලබාගත යුතුය යන්නයි. එමෙන්ම ඒ බලාපොරොත්තු මත අපට ලැබෙන පර්යේෂණ අරමුදලින් පර්යේෂණ හරි හැටි කැපවීමෙන් සිදුකර මහජන ජීවිත හෝ එකී සමාගම් යන්තම් හෝ ඔසවා තැබීමට විශාල වගකීමක් තිබේ. එකී බලාපොරොත්තු ඉටු නොවන්නේ නම් අරමුදල් බලපොරොත්තු වීම සාධාරණ යයි මම නොසිතමි. මෙසේ, හැකිපමනින් මගේ ක්ෂේත්‍රය ගැන අන් අයට විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.//

    කරුණු සිදුවන විදිය අනුව නැවත එසේ හේතු ඇති වන්නටත් පුළුවන්.

    එසේ වුවොත් නැවත ලියන්නට පුළුවන්. සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ.

    ReplyDelete
  14. කොමෙන්ට් සැමට වෙන වෙනම පිළිතුරු ලිවීම මගේ ක්‍රමය බැවින් ඉක්මනින් එසේ පිළිතුරු ලියන්නම්.

    ඒ වගේම අරුණ සහෘද්දයාටත් ස්තුති කරන්න ඕනේ ඔහු මෙය බැලුවත් නොබැලුවත්.

    දැනට අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ, බටහිර විද්‍යාව යනු පරම සත්‍යය නොවෙන අතර යම් කිසි සීමා සහිත පරාසයක් තුල සීමාව දැනගෙන භාවිත කල යුතුය. අද අපේ දැනුම අනුව මෙම මොඩලයන් වලංගු වුවද හෙට දිනයේ ඒවා අවලංගු වී යා හැකිය. නමුත්, එතෙක් මෙම මොඩලයන්ගෙන් වැඩ ගත හැකි බව මගේ අදහසයි. බටහිර විද්‍යාව යනු ස්ව්භාවධාරාමය තේරුම් ගැනීම පිණිස ගොඩනැගු සීමා සහිත මොඩලයක් මිස ස්වභාවධර්මය පාලනය කළහැකි උපකරණයක් නොවේ.

    බටහිර විද්‍යාත්මක ලෝකේ සත්‍ය දැනුමට සාපේක්ෂයි. වැරැද්ද නිවැරැද්ද ස්ථානීය සම්මත නීතියට සාපේක්ෂයි.

    එය නැවත මතක්ම කරමින් මෙතනදී මෙය අවසන් කරන්නෙත් සතුටෙන් සහ ජවයකින් යුතුව.

    ReplyDelete
    Replies
    1. කෙන්කිගේ වෙන්වීයාම කණගාටුවක්. මම කමෙන්ට් එකක් නොදාඉන්න හිතාගත්තේ. ඒත් ඔබ ඉතාම නිර්ව්‍යාජ මිනිසෙක් ලෙස මා තක්සේරු කරගෙන සිටිනා නිසාම මම පැමිනියා. ඔබට සුභ පැතුම්. මගේත් මේ අවසාන අදහස් දැක්වීමයි. කනගාටුවෙන් වුවත් මම බ්ලොග් ලොවට තිත තබනවා. එය කෙදිනක හෝ වෙනස් විය හැකියි. නමුත් මේ අවසානයයි

      Delete
    2. මම බලාපොරොත්තු වෙනවා දෙන්නගෙම මේ තීරණය ඉක්මනින් නැවත වෙනස් කර ගනු ඇතැයි කියා පාඨක අපි වෙනුවෙන්.

      Delete
    3. අරූගේත්, කෙන්ගේත් බ්ලොග් මම කියවූ සීමිත බ්ලොග් අතර තිබුණු බ්ලොග් දෙකක්. ලියන එක නැවැත්වීම කණගාටුවට කරුණක්. මෙයට හේතු වූ කරුණු ගැන කිසිම අදහසක් නැහැ. මටත් මෙසේ හිතුණු අවස්ථා තියෙනවා. ඔබට පෞද්ගලිකව හොඳම දෙය කරන්න. දැනට නැවැත්වුවත් පසුව අදහස වෙනස් වුණොත් නැවත ලියන්න.

      Delete
    4. මම විද්‍යාව සහ තාක්ෂණය ගැන ලියන්නට හේතුව මෙසේ මම දෙවැනි ලිපියේදී විස්තර කළා. මේ වන විට එම හේතුව පවත්වාගෙන යන්නට අපහසුයි.

      කරුණු සිදුවන විදිය අනුව නැවත එසේ හේතු ඇති වන්නටත් පුළුවන්.

      එසේ වුවොත් නැවත ලියන්නට පුළුවන්. සාධාරණ හේතුවක් තිබේ නම් දෙවැනි අවස්ථාවක් තිබිය යුතුම බවයි මම හිතන්නේ.

      ඔබලාට බොහොම බොහොම බොහොම ස්තුතියි.

      Delete
    5. ආරම්භයට මෙන්ම අවසානයටද ජවය දුන් "අරූ" ඔබට ස්තුතියි. බොරුවට මවා පාන්නට දේවල් නැති නිසා කොහොමටත් මට නිර්ව්‍යාජ මිනිසෙක් වන්නට අපහසු නෑ. ඔබලා තරම් ජීවිතයේ පරිණත නැතත්, වසර 30ක පමණ ජීවිත කාලයේදී ලැබූ අධ්‍යාපනය සහ අත්දැකීම් සහ ගුරුවරුන්ගෙන් ලැබූ පුහුණුව කනිෂ්ටයෙකු වන මට යම් ගුණාංග ආරෝපණය කර ඇතියි සිතනවා. ඒවා තමයි හැකි පමණින් බෙදා ගන්නට උත්සහ කලේ. ඉකොනෝ ඔබටත් ස්තුතියි.

      මට ඉතිරි කර යන්නට යමක් තිබේද දන්නේ නැහැ.

      තරුණයෙක් ලෙස ජවසම්පන්න අවසානයක් ඉතිරි කර යන්නට මම උත්සාහ කරනවා.

      Delete
  15. කෙන්,
    මොකද බන් කොල්ලෝ මේ කරන්ඩ යන්නේ.
    මම මෙහෙම කියන්නද, උඹ කෙලින් මිනිහා. වෙන කතා ඕනේ නැහැ නේ.
    දැන් අරූත් ලියන්නේ නැහැලු. උඹත් යනවලු. පිස්සු ඩබල් වෙනවා,
    අම්මප මටත් දැන් මේ බ්ලොග් කියවිල්ල නවත්තල දාන්න හිතෙනවා.

    ReplyDelete
  16. ‘‘දෙවන අවස්ථාව ඉක්මණින් උදා වෙනු ඇත‘‘ සුබ පැතුම්!!!

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.