Thursday, March 23, 2017

සමාප්තියේ සටහන

සංක්ෂිප්ත අවසානය.




බ්ලොග් යනු සංස්කාරකවරයෙකු පාලන නොකරන මාධ්‍යයකි. එහෙයින්, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ ආතර් සී ක්ලක් මහතා කියුවා මෙන්ම; මමද ලියුවේ මම දකිනා දේ අතුරින් මට කීමට ඇවැසි දේ අතුරින් සමාජයට පැවසීමට යහපත් යයි සිතෙනා දේ පමණක් බව කීමට සතුටුයි. අද ලියවිලිත් ඒ පදනම මතයි ලියා තිබෙන්නේ. 

ජව සම්පන්න ආරම්භය ගමනකට වැදගත්. ආරම්භයේදීම අපේ බලය ශක්තිය හොඳින්ම පෙන්වීම ආකල්පමය වශයෙන් ඉතා හොඳ වෙන අවස්ථා වැඩියි. එමෙන්ම අවසානයද නොසලකා හැරිය යුතු නැත.

සේප්පකු ක්‍රමයට මරණ දඬුවමට මුහුණ දුන් "හම්පෙයිද" වැනි සමුරායි වරුන් තම මරණය සඳහා උදරය කපා ගැනීමේදී පවා අභිමානය පෙන්වීමට ඉතා අලංකාරම අපහසුම කැපුම් ක්‍රමය අනුගමනය කල බව කියවෙනවා. අවසානය නොසලකා හැරීම නුසුදුසුයි. සිංහල බ්ලොග් ලිවීමේදී ඇති අත්දැකීම් කෙටිකාලීන වුවත් සිංහල බ්ලොග් කියවීමේදී ඇති කඩින් කඩ දීර්ඝ අත්දැකීම් අනුව ජවසම්පන්න අවසානයන් තිබුනේ සුළු වශයෙන්. එහෙයින්, සැලසුම් කල දේ සියල්ල ලියන්නට නොහැකි වුනත් අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවට ගෙන ආ සංවාදය ආරම්භ කල ජවයෙන්ම මෙසේ අවසාන කරන්නට මම  කැමතියි.

බටහිර විද්‍යාව යනු පරම සත්‍යය නොවෙන අතර එය යම් කිසි සීමා සහිත පරාසයක් තුල සීමාව දැනගෙන භාවිත කල යුතු දැනුම් පද්ධතියකි. බටහිර විද්‍යාත්මක දැනුම අනුව මෙම මොඩලයන් වලංගු වුවද හෙට දිනයේ ඒවා අවලංගු වී යා හැකිය. නමුත්, එතෙක් මෙම මොඩලයන්ගෙන් වැඩ ගත හැකි බව මගේ අදහසයි. බටහිර විද්‍යාව යනු ස්ව්භාවධාරාමය තේරුම් ගැනීම පිණිස ගොඩනැගු සීමා සහිත මොඩලයක් මිස ස්වභාවධර්මය පාලනය කළහැකි උපකරණයක් නොවේ. ඊට උත්සහ කිරීම නිෂ්පල හෝ ඊටත් වඩා හානිදායක විය හැකිය.

අවසානයන් නොමැතිව ආරම්භයන් නොපැවතිය හැකි අතර; ආරම්භයන් නොමැතිව අවසානයන් පවතින්නේ ද නැත. 





9 comments:

  1. බොහොම ජවසම්පන්නව අභිමානවත් ලෙස 'බඩ කපාගෙන මැරුණු' කෙන් මිතුරාට මගේ ගෞරවණිය අවසන් ආචාරය! :)

    මොනවා උනත් අපරාදේ.. :/

    ReplyDelete
  2. මම හිතන දෙයක් එකතු කරන්නද..
    ඒ තමයි ඕනෙම දෙයක් ( වැඩක්) සාර්ථක වෙන්න ඕනේ කරන්නේ කාරනා දෙකයි.
    ආරම්භ කරන්න ඇති ජවය
    පවත්වාගෙන යන්න ඇති ජවය

    මල් වෙඩිලි මගින් ඉහලට ආවත් පවතින්න බැරුව සමහර 'තරු' සතියෙන්;මාසෙන්; අවුරුද්දෙන් නිවිලා යන්නේ ඒකයි. තාවකාලිකව උකටලී උනත්, නොඑන්න යන්න එපා. මොකද, කියවන්නෝ ඔබ හිතන තරම් 'කුහක' නෑ.

    ඔබ ඔබට ලියන්න... ඒ හොඳටම ඇති. ගැලරිය ගැන අමතක කරන්න. ඉක්මන් සුවය!

    ReplyDelete
    Replies
    1. තවත් කාරණයක්.. මමත් ගැටුම් වලදී බලන්නෙම මගහැරලා යන්න. නමුත් මෙහෙම හිතන්න...
      මේ අවකාශයට 'බුද්ධිමත් සංවාද' අවශ්‍යයි. (මට අවශ්‍යයි) ඌරෝ එක්ක මඩේ ගහගන්නකොට, ඌරා ඒකට කැමතියි. අපිට අවුල් උනාට. අන්තිමට ඔහොම ගිහින් ඉතුරුවෙන්නේ ඌරෝ විතරයි.

      Don't give up. Just reset yourself and come back!

      Delete
  3. නැවත හමුවෙමු එතෙක්. සුබ ගමන්....!

    ReplyDelete
  4. නෙලුම් යායේ ප්‍රති පලයක් [ද]?

    ReplyDelete
  5. නෙවර් සේ බායි.. සී යූ සූන්...! සෙට් වෙන චැට් එකක් නම් ඒක ගස්ලබ්බා ඉවර කරන්නෙ එහෙම.ඒක සෑහෙන කාලෙක ඉඳන් ඇතිඋන පුරුද්දක්.
    නැවත හමුවෙමු.
    (මොන අරමුණෙන් කලත් සියදිවි නසාගැනිලි අනුමත කරන්න තරම් ගස්ලබ්බා මැදිහත් නෑ තාම.)
    ජයවේවා..!!

    ReplyDelete
  6. මම නම් එක එකාලට ඕන විධිහට මගේ බ්ලොග් ලිවිල්ල තීරණය කරන්න දෙන්නේ නෑ.. ඒක කරන්නෙ මට ඕනා විධිහට.. කිසිම ඊනියා බ්ලොග් චන්ඩියෙකුට ඒක නවත්වන්නත් බෑ, කරවන්නත් බෑ.. මට හිතුන වෙලාවට ලියුවා, නැත්නම් නිකන් හිටියා..

    ඒ වගේම ඔබේ බ්ලොග් එක ලියන්වද නැද්ද තීරණය කරණ එක ඔබේ වැඩක්..වෙන මොකෙක් හරි නිසා ඒක නවත්වනවනම් කෙන් පරාදයි.

    ජය !

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.