Saturday, April 29, 2017

සොබා දහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ

සැමවිටම කියවන්නට පලක් ඇති දෙයක් ලියු නිෂ්පල දේ කිසිවිට නොලියු, අසමින් දකිමින් සොයමින් විචාර කල එතුමාට මගේ අවසන් ගෞරවය. ඔහුගේ අවසාන ලිපියෙන් පවා ඔහු අවිද්‍යාව වෙනුවට විද්‍යාව ප්‍රචලිත කිරීම ගැන දීර්ඝ පැහැදිලි සටහනක් තබා තිබුනා.

ඉතා අතීතයේදී බ්ලොග් කියවූ මුල් අවස්ථාවේ ඔබ්සවර් (ඔබා මාමා) ගේ නික්යාමද (ඉලන්දාරියා වැනි නමක් තිබු) තවත් තරුණයෙකුගේ නික්ම යාමද දැක තිබු නමුත්, සක්‍රියව බ්ලොග් ලිවීමට සම්බන්ධ වූ පසු මා දුටු පළමු අවසන් නික්ම යාම විචාරක මහතාගේ නික්මයාමයි. බ්ලොග් අවකාශයේ කිසිවෙකු සමග පුද්ගලික සම්බන්ධතා නොමැති නමුත් මෙයින් මා පත්වූ කම්පනය නිසා නිහඬවම සිටීමට නොහැකි බැවින් නැවත පැමිණ මේ සටහන තැබුවේ.

අනිච්චාවත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො

ස්වභාව ධර්මයේ නිරමාණයන් වන අපි ඉක්මනින් හෝ පසුව හෝ ඊට අවනත වන්නට බැදී සිටිමු. 

අසමින් දකිමින් සොයමින් විචාර කල එතුමාට මගේ අවසන් ගෞරවය මෙන්ම එතුමාට සමුදීම මෙයින් ප්‍රකාශ කරමි.

2 comments:

  1. විචාගෙයි උඹෙයි ලිපි වල සෑහෙන සමානකම් තියනවා.විචා ලිපියක් ලියන්න කරපු කැපවීමේ තරම දැනගත්තෙ ඔහුව ලිවීමෙන් බැහැර කරන්නට ස්වභාවධර්මයා තීරණය කරායිනුත් පසුව.
    උඹත් ලියන දේ අපි වගේ වල් පල් නැතිව අධ්‍යයනයක් කරන්නෙකුට මූලාශ්‍රයක් වශයෙන් ගන්න පුළුවන් වෙන්න ලියනවා..
    විචාට සුභ ගමන්..
    ......................
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව ඇත්ත. සමහර ලිපි ලියන්න දවසකට ආසන්න කාලයක් මහන්සි වුන වෙලාවල් තියෙනවා. අන්තරජාලයේ ඇති ලියවිලි වලින් නිවැරදි තොරතුරු සොයාගන්න දීර්ඝකාලීනව පුහුණු වුන අපිටත් එහෙම වෙනවා නම් විශ්‍රාමිකයෙක් වුන විචාරක මහත්මයා ඒ වෙනුවෙන් කොයිතරම් මහන්සි වෙන්න ඇතිද කියන එක පැහැදිලියි.

      මේ ලගදී දැකපු බොහෝ දේවල් අනුව ෆේස්බුක් එකේ තියෙන දේවලින් 70% පමණ බොරු කියන මතයට මමත් එකඟ වෙනවා. මිත්‍යාව පැතිරීමට වැඩිය ඉතාම නරක දෙයක් තමයි කෙසෙල් වලින් ඒඩ්ස් බෝවෙනවා වැනි අසත්‍ය විද්‍යාත්මක මත පැතිරීම. ඉතාම කණගාටුවට කරුණ නම් මේවා ෂෙයාර් කරන අය අතරේ අපිත් එක්ක විශ්වවිද්‍යාලෙ එකට කරලා දැන් උසස්පෙළ පන්තිවල උගන්වන ගුරුවරු ගුරුවරියොත් සිටීම. මේවගේ අසත්‍ය විද්‍යාත්මක මත ඕනේ තරම් ෆේස්බුක් එකේ තිබෙනවා. අන්තිමේ සොයල බලනකොට මේ පේජ් කරන්නේ උසස් පෙළ හෝ සාමාන්‍යපෙළ ළමයි. ළමයින්ගේ බොරු ඉස්මදුනින් ෂෙයාර් කරන්නේ උපාධි ගුරුවරු.

      දැන් මිත්‍යාවට වැඩිය භයානක වෙලා තිබෙන්නේ අසත්‍ය විද්‍යාත්මක ප්‍රචාර.

      බ්ලොග්වල තවම විචාරශීලී මිනිස්සු ටිකක් ඉන්න නිසා ඔයවගේ බොරු ලේසියෙන් පැතිරෙන්නේ නෑ.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.