Monday, March 6, 2017

ගැහැණුන්ට බලෙන් උපත් පාලනය කරවන අපේ රජයේ රෝහලක වෛද්‍යවරු


වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරි පාසල් ඉල්ලමින් වර්ජනය කල දින ෆේස්බුක් හි පවත් අදහසක් මට මතක තිබේ. යම් අයෙකු උපහාසයෙන් කියා තිබුනේ "හෙට අනිද්දා වන විට වෛද්‍යවරුන්ට හැරෙන්නට වෙනත් අයට දරුවන් ලැබීමටද වෛද්‍යවරුන් ඉඩ නොදේවි" යන බවයි. එය එදා උපහාසයෙන් කියා තිබුනද අද විට නම් එය සත්‍ය විය හැකි මානයට පැමිණ තිබේ.

දඹුලු රෝහලේ දරුවන් බිහි කරන මවුවරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන ලුපයක් හෝ උපත් පාලන ඖෂධ අඩංගු උපකරණයක් හෝ ශරීරයට ඇතුලත් කර නොගෙන එම මවුවරුන්ට රෝහලෙන් පිටව යාමට ඉඩ ලබානොදීම මේ වන විට සිදුවී තිබේ. එසේ කිරීමට කිසිදු වෛද්‍යවරයෙකුට/වරියකට අයිතියක් නැති අතර ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වෙසෙන රටක් නම් මේ ය මේ වන විට සිටිය යුත්තේ බන්ධනාගරයෙයි.

ජනගහන පාලනයට අවශ්‍ය විද්‍යාත්මක නීති සැකසිය යුත්තේ ඒ සඳහා දැනුම ඇති විද්වතුන් සහ මහජන සහභාගීත්වයෙන් මිස ම්ලේච්ච ක්‍රම වලට නොවේ.

"වෛද්‍යවරුන්/වරියන් නොවෙන අයට ලිංගිකව එක්වීම අනවශ්‍ය බව කියමින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට chemical castration ඖෂධ බලෙන් ශරීරගත කරනු ඇතැයි" අද කෙනෙකු කිවහොත් එය හොඳ විහිළුවකි. නමුත්, මේ සිදුවන් ලෙස නම් හෙට දිනයේදී  එයටද යම් සත්‍යතාවයක් නොලැබේ යයි කිව හැකි නොවේ.

වෛද්‍යවරු නොවෙන අප ඔවුන්ගේ වැරදි සොයමින් ද්වේශයන් ඔවුන් හෑල්ලු කරන බව මේවා ගැන කතා කරනවිට නැගෙන චෝදනාවකි. නමුත්, මට සිතෙන්නේ නම් වෛද්‍යවරු සමග ද්වේශයන් ඔවුන් හෑල්ලු කිරීමට අවශ්‍ය වෛද්‍ය සභාවට සහ වෛද්‍ය සංගම් වලට බවයි. එසේ නොවේ නම්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් යනු ශිෂ්ඨ මිනිසුන්ගේ ගැහැණුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීමට නොදන්නා ගෝත්‍රිකයන් බවට ලෝකයා හමුවේ අපේ වෛද්‍යවරුන් හෑල්ලු වෙනතෙක් උකටලීව බලාසිටින්නේ ඇයිදැයි මට නොතේරේ. 

සමහර වෛද්‍යවරුන්ගේ මෙවැනි නීච අශීලාචාර ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අපේ වෛද්‍යවරුන්ගේ ගරුත්වය රැකගැනීමට කටයුතු නොකර, මිනිසුන් වෛද්‍යවරුන් යන වචනය ඇසෙන විටද  කෙල ගසන දිනය පැමිණෙන තෙක් මෙසේ උකටලීව බලාසිටින ශ්‍රීලංකා වෛද්‍ය සභාවට අපේ වෛද්‍යවරුන් සමග සමග කොයිතරම් ක්‍රෝධයෙන් නම් තිබියයුතුද ?

22 comments:

  1. වෛද්‍යවරු කියන දඩ බල්ලො ටික උන්ගෙ සීමාව ඉක්මවා යමින් ඉන්න බව හැම පැත්තකින්ම පේන්ඩ තියනවා.. නීතියෙන් වෙන්නෙ නැත්නම් උන්ට උන්ගේ සීමාව බොහොම ඉක්මනට මිනිස්සු විසින් පෙන්වලා දේවී...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු පීඩනය දරාගෙන ඉන්න සීමාවක් තියෙනවා. එය ඉක්මවා ගියහම මිනිස්සු හැසිරෙන විදිය හරිම වෙනස්. ගොඩක් ඉහලපුටු වල ඉන්න උදවියට ඒ සීමාව ගැන අවබෝධය අඩුයි.

      මිනිස්සු වෙනත් පුද්ගලික හේතුවකින් තොරව ප්‍රතිකාර ගැනීමේදී ඇතිවුන ගැටළු නිසා තුවක්කු අරගෙන ඇවිත් වෛද්යවරියන්ට වෙඩිතියල යන තැනට වැටුනේ එක පැත්තක වරදින් නෙවෙයි. එහෙම වුනාම දෙපැත්තටම වෙන්නේ මහා විනාශයක්.

      ඒ සියල්ලට වගකිව තනිකරම යුත්තේ වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා වෛද්‍ය සභාව සහ වෛද්‍ය සංගම් බවයි මගේ අදහස.

      Delete
  2. කෙන්,
    බලහත්කාරයෙන් එවැනි දෙයක් කරනවානම් මමත් 'රතු' පාටින් ලියුදේට එක හෙලාම එකඟ වෙමි.
    ඕකේ ඇත්ත කතාව නම් මම දන්නේ නැත.
    නමුත් බොහොම කලක පටන් සී-සෙක්ෂන් 3 ක් කළ මවුන්ගේ බැටරි වයර් ගලවන බව නම් මම දනිමි.
    හේතුව, 4 වන කැපුම දැමීමෙන් පසු එම පළාතේ ස්ට්‍රෙන්ත් එක අඩුවෙන නිසා බවත්, ඒ බව තේරුම්කර මව් ගෙන් අවසර ලබාගන්නා බවත් මා දනිමි.
    නමුත් බලහත්කාරයෙන් කිරීම නම් 'ක්‍රිමිනල්' වැඩකි.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන්නේ ගොසිප් වෙබ්වල කියපු බලෙන් වඳ සැත්කම් කරනවය කියන එක ගැන වෙන්න ඇති. එක අසත්‍ය බව තමයි මම දැනගත්තේ. ලුපයක් දැමීමට හෝ කොන්ට්‍රෝල් රිලීසින්ග් පිල් එකක් දැමීමට බල කිරීම තමයි වෙලා තිබෙන්නේ. කොහොම වුනත් කලාකරුවොන්ගේ පවුල් ජීවිත ගැන ගොසිප් වලට බ්ලොග් පිටු ගේ ෆේස්බුක් පිටු දෙන ඉඩ මිනිස්සුගේ අයිතිවාසකම් වෙනුවෙන් නොලැබෙන බව පැහැදිලියි.

      Delete
    2. මේ ලුප හෝ කොන්ට්‍රෝල් රිලීසින්ග් පිල් ඇතුල් කිරීමත් කැමැත්ත ලබාගෙන තමයි කර තිබෙන්නේ. නමුත් අවසර ලබාගෙන තිබෙන්නේ මවුවරුන් බලහත්කාරයෙන් රෝහලේ රඳවා ගැනීමෙන් සහ බලපෑම් කිරීමෙන් වීම තමයි එහි ඇති ජුගුප්සාජනක භාවය සහ නීතිවිරෝධී භාවය වෙන්නේ.

      සැත්කම් ගැන ඔබ කියන කතාව සමාන්‍ය ඇත්ත කරුණක්. ඒවුනාට එහි ලොකු අඩුපාඩුවක් තිබෙනවා. මවකට 3 වරක් සෙක්ෂන් කලොත් ඉන්පසුව ආරක්ෂාව සඳහා ඩිම්බකෝෂ ඉවත් කරන්නට වෙන බව දැනුවත් කරන්න ඕනේ පළමුවැනි දරු උපතෙදිමයි. නමුත් රෝහල් වලින් මවුවරුන්ට ඒවා හරියට දැනුවත් කරන්නේ නෑ. ඔවුන්ට එය දැනුවත් කරන්නේ 3 වැනි දරුවා ලැබෙන්න රෝහල්ගත වුනාම නම් ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලංකාවේ නීතියක් (පොතක හරි) තියෙනවා.
      මේ උදවියටත් එම නීතියේ පිහිට පතන්න පුළුවනි, අවශ්‍යනම්.
      වැඩේ කොච්චර වැරදි උනත් අපි අපි මේවා FB හෝ බ්ලොග් හෝ පත්තරවල TV වල කතාකිරීමෙන් කල හැකි දෙයට වඩා දෙයක් උසාවියකින් කරන්න පුළුවන්. එවිට SLMC හෝ අදාළ ආයතන වලට උසාවියෙන් අණ පණත් පණවන්නත් පුළුවනි මොනවාද කල යුත්තේ නොකළ යුත්තේ කියා.

      අනික කෙන්, ඔච්චර තරහ ගන්ඩ එපා. ලංකාවේ කවදද කොහෙද මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලැබෙන්නේ. ලෝකේ කොහෙත් තාම අඩු වැඩි වශයෙන් තියෙන්නේ බලවතා ජයගනී විතරක්ම නේ.

      Delete
    5. මේ වන විට මේ අකටයුත්ත වලක්වන්න රෝහල ක්‍රියා කර තිබෙනවා. ඒ ඔබ කියන නීතිය හමුවට ගිහින් නෙවෙයි. ඒ මාධ්‍ය මගින් කල බලපෑම නිසා. අද වනවිට මාධ්‍ය කියන්නේ බලවත් උපකරණයක්. කීප දෙනෙක් කියවන මම ලියන බ්ලොග් එකට එහෙම බලයක් නැති වුනත්, සමාජ මාධ්‍ය වලට සෑහෙන බලවත් කමක් තිබෙන බව මම හිතන්නේ.

      ඔබ බලොග් වල කොමෙන්ට් ලියන්නේ සිතා මතාම ලියන අයව දැනුවත් කිරීමට ම පමණක් නොවෙයි නම් ඔබත් සමාජය මාධ්‍ය වල බලයට යම් පමණකට හෝ නතු වුණ කෙනෙක් ලෙසයි මම හදුනා ගන්නේ.

      Delete
    6. මට එහෙම කිසිවෙකු සමග තරහක් ඇත්තේ නෑ. සිදුවීමටයි විරෝධය දක්වා තිබෙන්නේ.

      ඔබට හෝ සමීපතමයෙකුට මේ වගේ අප්‍රසන්න බලහත්කාරී ක්‍රියාවවින්දිතයෙකු වන්නට සිදු වුනහම ලංකාවේ මිනිසුන්ගේ අයිතිවාසිකම් කවදත් කොහෙත් නොලැබෙන නිසා එහෙම වුනාවේ කියල නිකම් ඉන්නවා ඇති. නමුත් මම නම් මගේ ශක්තියෙන් යමක් කරන්න උත්සහ කරනවා ඊට එරෙහිව. එය පුද්ගලානුබද්ධයි. ඔබේ ක්‍රමය ඔබට. මගේ ක්‍රමය මට.

      ලෝකයේ කියන්නේ ඩයිනමික් සිස්ටම් එකක් විදියට මම දකින්නේ. බලවතා ජය අරගෙන දුබලය පෙලෙනකොට එය අවසන් වන්නේ දුබලයන් එක්ව බලවත් වී බලවතා ඊට දරුණු ලෙස පෙලීමෙන්. එවැනි කැරලි කෝලහාල හරිම විනාශ කාරීයි. මම හිතන්නේ, එවැනි විනාශකාරී දේ වලක්වා ගන්නට ශිෂ්ට මිනිසා හදපු ක්‍රමවේධ තමයි නීතිය සහ යුක්ති සංකල්පය වගේම හිමිකම් පිළිබද සංවිධාන බවට පත්ව තිබෙන්නේ.

      ඒ වගේම මෙහි සිදුවිය යුත්තේ නීතිය හමුවට යාම යයි ඔබ සිතනවා නම්, ඒ අනුව ඔබට පුළුවන් ඒ සඳහා මේ පුද්ගලයන්ට උදව් වෙන්න යමක් කරන්න, අවශය නම්.

      Delete
  3. මෙය ඉතාම පහත් විදියට වෛද්‍ය එතික්ස් බිඳ දැමීමකි. මේ මව් වරුන්ට අදාල වෛද්‍යරියට නඩු පැවරිය හැක​.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලංකාවේ විධ සභාව නීති ක්රියතක නොකරන්නේ නම් ?

      මම හිතන්නේ දැන් මේවට විරුද්ධව ඩෙස්පරේට් මෙෂර්ස් වලට යන්න කාලේ ඇවිත්.

      මේ වෛද්‍ය වරු ගැනත් අක්‍රීය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගැනත්, ලෝක සෞක්‍ය සංවිධානයට මෙන්ම;
      ශ්‍රී ලංකික වෛද්‍යවරු පුහුන්වට සහ සේවයට යන රටවල් වන එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ වැනි වෛද්‍ය සභාවලට ද පැමිණිලි පිටපත් යවමින් සාධාරණය ඉටු කරන්නට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බල කරන ලෙස ඉල්ලිය යුතුයි. මම උත්සහ කරනවා එම ක්‍රමවේදයන් ගැන අදාළ රට වල වෛද්‍ය සභාවන්ගෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසා බලන්නට.

      එවිට ලංකාවේ දී දඩුවමක් නොලැබුනත් කිසිදිනෙක විදේශයක ප්‍රතිකාර කරන්නට නොහැකි වෙන ලෙස කටයුතු සිදුවිය හැකි නිසාවත් මේ වසල ක්‍රියාවන් වලින් ඔවුන් වැළකේවී.

      Delete
    2. කෙන්, ඔබ මෙතරම් අඥාණ යයි මා නම් සිතුවේ නෑ.

      ඔබ ඔය කියන රටවල හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට කිව්වා කියල ඔවුන්ට මේ කෙරෙන වැඩ නවත්වන්න පුළුවන් වේ කියා සිතනවා නම් ...
      සොරි වෙන්ඩ ඕනේ .. ඔබ විද්‍යාඥයෙක් නේ..

      Delete
    3. ඔවු මම ඉන්නේ එකේ. ඒ අනුව මම තරුණ විද්‍යාඥයෙක්.

      මගේ ඥානය ගැන සිතා බැලීම ගැන ඔබට බොහොම ස්තුතියි. මම අඥාන කම් කර තිබෙනවා මෙන්ම ඉදිරියටත් කරන්නට පුළුවන්. මගේ රැකියාව; විද්යතක පර්යේෂණ කියන්නේ කොහොමටත් වැරදීම් වලින් ඉගෙන ගන්න එක නේ.

      යම් ක්‍රියාවක ඥානවන්ත බව හෝ අඥාන බව ඊට ඇති දැක්ම කැපවීම සහ යා හැකි දුර අනුව තීරණය වෙන අවස්ථා තිබෙනවා. සත්‍ය සිදුවීම් දෙකක් බලමු.

      අපි 12 වසර ශිෂ්‍යයෝ වුණ කාලේ, graphite වල ස්තර ගැන ඉගෙන ගනිද්දී මගේ මිතුරෙකු ගුරුවරියගෙන් ඇහුව ඉන් එක ස්තරයක් වෙන් කර ගන්න පුළුවන් නේද කියල ? ඔහු එදා ගුරුවරියගෙන් බැණුම් ඇහුව මෝඩ කතා කියන්න එපා කියල. එතැනදී එය මෝඩ කතාවක් ලෙස පෙනෙන්නේ. නමුත්, වසර 10 යන්න කලින් විද්‍යාඥයෝ එය සිදුකර graphene වෙනුවෙන් නොබෙල් ත්‍යාගයත් ලබාගත්තා.

      Delete
    4. ලෝක සෞඛ්‍ය සංවිධානයට හෝ එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ වැනි වෛද්‍ය සභාවලට මේවා නවත්තන්න පුළුවන් බවක් මම අදහස් කරන්නේ නෑ.

      මගේ අදහස මම ඔබට පැහැදිලි කරන්නම්. දැනට එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ වැනි රටවල ශ්‍රී ලංකික වෛද්‍යවරු ප්‍රතිකාර කිරීමේ නියැලෙනවා මෙන්ම පශ්චාත් උපාධිද හදාරනවා. ශ්‍රී ලංකික වෛද්‍යවරු නිරන්තරයෙන් වෛද්‍ය සදාචාරය බිඳ දමමින් රෝගීනට අකටයුතුකම් කරන පිරිසක් ලෙස හදුනා ගැනීමෙන් ඔවුනට එම රට වල අවස්ථාවන් විවෘත්ත වීමට ඉතා නරක ලෙස බලපාන්නට පුළුවන්. එමෙන්ම කිසියම් වෛද්‍යවරයෙකුට එරෙහිව කෙලින්ම එවැනි චෝදනා කිහිපයක් ඉදිරිපත් වෙලා තිබෙනවා නම් තෝරා ගැනීමකදී එය පුද්ගලිකව ඔවුනට ඍන වශයෙන් බලපාන බව ඔබට පේනවා ඇති.

      UNESCO WHO ආයතන යම් විදේශ පුහුණු ශිෂ්‍යත්ව වැනි අවස්ථා ශ්‍රී ලංකික වෘත්තිකයන්ට ලබාදෙනවා. එවැනි තරඟකාරී අවස්ථාවක කෙනෙකු වෘත්තියේදී අවකල් ක්‍රියා සිදු කර තිබීම බරපතල අවාසියක්.

      ඔබ මෙවැනි කටයුතු අධ්‍යනය කර තිබෙනවා නම් දන්නවා ඇති, එවැනි ඉලීමක් කෙලින්ම කරන්නට බැරි බව. උදාහරනයක් ලෙස හිතන්න මත්ස්‍ය ගහනය සමුල ඝාතනය වන ලෙස මාළු අල්ලනවා නම් අපිට මිලදීගන්න රටවලින් ඉලන්න පුළුවන් එය වලක්වන්නට ධීවර අමාත්‍යංශයට බලපෑම් කරන ලෙස.

      නමුත් අපි ඔවුන්ට කිව්වොත් එම මාළු මිලට නොගන්නා ලෙස එය විහිළුවක් වෙනවා. අපිට එවැනි අයිතියක් නෑ. නමුත්, එහි අවසානයේ සිදුවෙන්නේ මාළු මිලදී ගන්නට නම් මේ කරුණු සැපිරිය යුතු බවට කොන්දේසි පැනවීම. මෙය මෙවැනි අවස්ථා වල දී යම් පීඩනයක් එල්ල කරන්න භාවිත කරන සාමන්‍ය ක්‍රමයක්. එවැනි කටයුතු ගැන මම ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන තිබෙනවා.

      නමුත් මෙවැනි අවස්ථාවක එය අඥාන වෙන්නට පුළුවන් බව මමත් පිලිගන්නවා. ඒත්, මේ ගැන පැමිණිලි කළහැකි ක්‍රමවෙධයක් තිබේද කියන එක මේ සති අන්තයේ දී අදාළ ආයතන වලින් විමසීමේ අඥාන කම කරන්නට මම හිතාගෙනයි ඉන්නේ.

      Delete
    5. හැට්,

      සොරි වෙන්න ඕනේ නෑ. ඍජු අවංක අදහස් දැක්වීම වලට මම කොහොමටත් කැමතියි. ඕනෙම මොහොතක මට වැරදීමක් වෙන්න පුළුවන් බව හිතන කෙනෙක් විදියට මට ඕනෙම අදහසකට සවන් දීම ගැටළුවක් නෙවෙයි.

      ඔබ තැන තැන ලියා තිබෙන දහස් අනුව ඔබ ලෝකය ගැන පුළුල් අවබෝධයක් ඇති කෙනෙකු යයි මම හිතන්නේ. ඇත්තටම දීර්ඝ පිළිතුරු ඔබට ලිව්වෙත් ඒ නිසා.

      Delete
  4. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තරම් අවස්ථාවාදී සංවිධානයක් තවත් තියෙනවාද මන්දා.තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කරන වෛද්‍ය සභාව තමන්ගේ යුතුකම් අමතක කර හැසිරීම හරිම පිළිකුල් සහගතයි.අනිත් අතට වෛද්‍ය සභාව විසින් තමන්ගේ වෘත්තීය මේ විදියට දුෂ්‍ය වෙන්න ඉඩ හැරීම ගැන මෙවැනි වෛද්‍යවරුන්ට එරෙහිව කටයුතු කරන්න ඕන.හැබැයි එහෙම වෙන්නේ නැහැ.මෙවැනි සිදුවීම් ගැන නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් වෙන්නේ ඇගිල්ලෙන් කපන්න තියෙන දේ පොරවෙන් හෝ කපන්න බැරි තත්වයට පත්වීමයි.

    ReplyDelete
    Replies
    1. මනෝ කියන්නේ මෙඩිකල් කවුන්සිල් එක ගැනද පාදෙනිය කොම්පැනිය ගැනද.........

      Delete
    2. මෙඩිකල් කවුන්සිල් එක දැන් ඇවිත් "පාදෙනිය ගෘප් ඔෆ් කම්පැනිස්" තමා අරුයියා.

      Delete
    3. GMOA වගේම SLMC එකත් අවස්ථාවාදී කියා මගේ නිරීක්ෂණය. ඇත්තටම අපේ වෘත්තීය කරන කෙනෙකු එය දුෂණය කරනවා නම් අපි ඊට එරෙහි වෙනවා අපේ වෘත්තීයමය ගරුත්වය රැක ගැනීමට. වෘත්තීය දුෂණය කරන අය අය ආරක්ෂා කරන්න පුළුවන් ගෝත්‍රික වෘත්ත්කයන්ට පමණක් බව මම හිතන්නේ.

      බලවතා ජය අරගෙන දුබලය පෙලෙනකොට එය අවසන් වන්නේ දුබලයන් එක්ව බලවත් වී බලවතා ඊට දරුණු ලෙස පෙලීමෙන්. එවැනි කැරලි කෝලහාල හරිම විනාශ කාරීයි. මම හිතන්නේ, එවැනි විනාශකාරී දේ වලක්වා ගන්නට ශිෂ්ට මිනිසා හදපු ක්‍රමවේධ තමයි නීතිය සහ යුක්ති සංකල්පය වගේම හිමිකම් පිළිබද සංවිධාන බවට පත්ව තිබෙන්නේ. ඒවා ක්‍රියාත්මක නොවෙනවා නම් මිනිස්සු නැවත අර හිටපු තැනට යන එක ස්වභාවිකයි.

      Delete
  5. වෛද්‍ය ආචාර ධර්ම කියලා ජාතියක් තියෙනවා නේද? ඒවා කොහෙද අපේ කස්ටිය එක්ක...තොපි අහවල් වැඩේ කරාට, දරුවෝ හදනවද නැද්ද තීරනය කරන්නේ අපි. ගහන්න ගහන්න වඳින එකේ ප්‍රතිලාභ තමයි මේ.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට ගියොත් නම් ඒ වැඩෙත් කරනවද නැද්ද කියන එක එයාල තීරණය කරන්න ඕනේ කිව්වොත් පුදුම වෙන්න එපා.

      "වෛද්‍යවරුන්/වරියන් නොවෙන අයට ලිංගිකව එක්වීම අනවශ්‍ය බව කියමින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට chemical castration ඖෂධ බලෙන් ශරීරගත කරනු ඇතැයි" අද කෙනෙකු කිවහොත් එය හොඳ විහිළුවකි. නමුත්, මේ සිදුවන ලෙස නම් හෙට දිනයේදී එයටද යම් සත්‍යතාවයක් නොලැබේ යයි කිව හැකි නොවේ.

      ආචාරියා තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවලු නේද ?

      Delete
  6. KOnda pana thiyenawanm liypan badurdeen ta salita wiruddawa

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.