Sunday, May 12, 2019

නාගනන්දලාට පල්ලෙවත්තලාට දේශපාලනය කල හැක්කේ කලබල නොමැති, ත්‍රස්තවාදීන් නොමැති නිසංසල සුමට සමාජ වටපිටාවක පමණක් ද ?

රට තුල ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවූ වාතාවරණය තුල මීළඟ දේශපාලන නායකත්වයන් බලාපොරොත්තුව සිටි අයගේ හැසිරීම් තවම ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය වී නොමැත. මෙම ලිපියේ අරමුණ ඊට ආරම්භයක් ලබාදීමයි!!!

රට තුල මුස්ලිම් ත්‍රස්තවාදීන් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සමග රටම සෙලවීමට ලක්වී ඇති බව පෙනී යයි. එය දැන් යම් පමණකට තැන්පත් භාවයට පත්වෙමින් තිබුණත් එය කැළඹු භාහිර බලවේග සම්පූර්නයෙන්ම පහ කර දමන තුරු  ස්ථිරව තැන්පත් භාවයකට පැමිණේ යයි සිතන්නට අපහසුයි.

මේ සමග බොහෝ ප්‍රගතිශීලී සුදු කොකුන් ලෙස පෙනී සිටියවුන්ගේ කළු පිහාටු ප්‍රදර්ශනය විය. වගකිව යුතු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස විශ්වාසයක් තිබු රනිල් ඔහුගේ විශ්වාසය ඉතාම පළුදු කර ගත්තේය.ජනපතිවරයාගේ විකාරරූපී ක්‍රියාකලාපය අප්‍රසන්න විය. ඊට නොදෙවෙනි ලෙස ඔහුගේ සහචර මුග්ධ රාජ්‍ය නිලධාරීන්ද පෙනී සිටින ලදී. මෙවැනි හැසිරීම් වලට බලපෑ හැකි හේතු ඉදිරියේදී ඉදිරිපත් කිරීමට තබමි. එමෙන්ම පසුගිය දිනවල විපක්ෂනායක වරයාගේ ක්‍රියාකලාපය අසතුටුදායකය. ඔහු මීට පෙර විපක්ෂනායකයා වශයෙන් සිටියදී තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ල සංසින්දුවීමෙදී පෙන්වූ ප්‍රගතිශීලී භාවයවත් තවමත් මෙවර ඔහුගෙන් පෙන්නුම් වුනේ නැත. ජාතික ආරක්ෂාව ගැන නිතර දොඩමලු වෙන ජනපති සිරිසේන සමග ඒ වනවිට සමීපව කටයුතු කල විපක්ෂ නායක  රාජපක්ෂ මෙහිදී දේශපාලන ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නැවතුණි. එමෙන්ම ඉදිරි ජනපති අපේක්ෂකයෙකු වීමට බලා සිටින ගෝඨාභය රාජපක්ෂ මෙම සිදුවීම ඔහුගේ ජනපති අපේක්ෂකත්වය කල එලි බැස්සවීමට තිබු පවුලේ බාධක ඉවත් කර ගැනීමට යොදාගත් ආකාරය අසතුටුදායක වේ.

දේශපාලකයන් එසේ වුවද සන්නද්ධ හමුදාවන් තම ජනතාවගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර සුදුසුම ලෙස සූකෂමව ඉදිරියට හා පසුපසට ගනිමින් දක්වන ගතික ක්‍රියාකාරිත්වය අතිශය ප්‍රසංශනීය වේ. එමෙන්ම කතෝලික ආගමික නායකත්වය ඉතාම පරිණත ඉවසීම ප්‍රගුණකළ මානව දයාවෙන් යුතු සුදුසු මිනිසුන්ම එම නායකත්වයන් දැරියයුතු බවට මෑත කාලයේ ප්‍රභලම සාක්ෂිය සපයන ලදී.

මේ අතර ජනපති අපේක්ෂයන් වෙන බව ප්‍රකාශ කර ඇති නාගානන්ද සහ පල්ලෙවත්ත දෙදෙනා මෙම සිදුවීමේ සංකීර්ණම අවස්ථාවේදී පෙන්නුම් කල හැසිරීම ඔවුන්ගේ දේශපාලන සිහිනයේ තීරනාත්මක සාධකයක් වනු ඇත. ජනතාවගේ ආරක්ෂාව කඩවීම පිලිබඳ මුලික අයිතිවාසිකම උල්ලංඝනය වීම ගැන ඔහුගේ පෙත්සම සාමාන්‍ය වැසියෙකු ලෙස සලකූ විය ප්‍රසංශනීය වෙන නමුත් ජනපති අපේක්ෂකයෙකු ලෙස ජනතාවට නායකත්වය ලබාදීමට බලාපොරොත්තුවෙන නායකයෙකු ලෙස නාගනන්ද පෙන්නුම් කර ඇත්තේ ළදරු හැසිරීමක් පමණි. පල්ලෙවත්තගේ හඬ මෙතෙක් නොඇසුනි. දින ගණනකට පසුව නාගනන්ද පෙත්සම සමග එලි බසින්නේ සියලු දේ බොහෝ දුරට සාමාන්‍ය අතට හැරුණු පසුවය. රටක් වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන විකල්ප නායකයෙකු වීමට ඔහුට හැකියාවක් නැති බව ඔහුගේ හැසිරීමෙන් ඔහු පෙන්වූ බව මගේ නිගමනයයි. මෙයින් පෙනීයන්නේ නාගානන්ද සහ පල්ලෙවත්ත වැනි අයට දේශපාලනය කල හැක්කේ කලබල නොමැති, ත්‍රස්තවාදීන් නොමැති නිසංසල සුමට සමාජ වටපිටාවක පමණක් බවයි. මෙවැනි ගැටළු සහගත දේශපාලනික වටපිටාවක මෙවැනි දේශපාලනික නොදරුවන්ගේ හැසිරීම සිරිසේන-වික්‍රමසිංහ මෝඩ ජෝඩුවේ හැසිරීම පරදා යනු ඇති බවට වුවමනාවටත් වඩා සාක්ෂි ඔවුන්ම සපයා තිබේ. අගරදගුරු ප්‍රසාදීන් වහන්සේ පැවසු ලෙසම මෙම ත්‍රස්තවාදයේ මුලය මෙන්ම ඒවා හසුරුවන අයගේ ඉලක්ක තවම අපැහැදිලිය. කෙසේ නමුදු මෙම ත්‍රස්තවාදය රටේ මීළඟ දේශපාලන නායකත්වය තේරීම පිලිබඳ ඇති කරන ඇති විශාල බලපෑම නොවැලක්විය හැකිය. මගේ මතය නම් මේ දක්වා රටෙහි ජනපති වීමට බලාපොරොත්තු වෙන බව පවසා ඇති සියලුම දෙනා මෙම ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවූ වාතාවරණය තුල මේවන විට ඔවුන්ගේ හැසිරීම තුලින් තමතමන්ගේ අසමත් භාවය මුළුමනින්ම ප්‍රදර්ශනය කර ඇති බවයි.

මේ අනුව රටෙහි මීළඟ දේශපාලන නායකත්වය දරනු ඇත්තේ බොහෝවිට තවම දේශපාලන කරලියට නොපැමිණි කෙනෙකු විසින් විය හැකි බව මම විශ්වාස කරමි. එකී නායකත්වය ගැන යම් අනුමානයන් මා සතුව පැවතියද එම නායකත්වයන් මතුවීමට පෙර ඒ ගැන පුරෝකතනය ආචාර සම්පන්න නොවන බැවින් නිහඬ වෙමි.



4 comments:

  1. Yes, another saviour of Sri Lanka will appear (like SF/MS) people will pin all hope on him/her like we did for MS. Voters are same people, who vote MS in 2015. Idiot worse than MS will be voted in 2020, our people are motivated by disinformation and hate mostly. Aba sarani Sri Lanka (Wijebahu)

    ReplyDelete
  2. කෙන්, ඔබගේ නැවත පැමිණීම භාග්‍යයකි.
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  3. පල්ලෙවත්ත කියන්නෙ මෙයාගෙම ජාන නේද? මෙයට බැරි වුන ටික කරන්න එයාට දෙමු ද?

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.