Friday, May 24, 2019

ඥානසාර හිමිට ලැබුණු ජනපති සමාව

කිසියම් සිරකරුවෙකු ජනපති සමාව ලැබීමට තරම් යහපත් කල්ක්‍රියාවක් පෙන්නුම් කර ඇතිනම් එය බන්ධනාගාරයේ විශෝධන ක්‍රියාවලියේ සාර්ථක බවට සාක්ෂියකි. මෑතදී ආචාර්ය උපාධිය සඳහා ඉගෙනීමට කටයුතු කරන සිරකරුවෙකු පිළිබඳවද වාර්තා වී තිබිණි. මගේ මතකය අනුව එකී සිරකරුවා වාස් ගුණවර්ධන සම්බන්ධ ශියාම් නඩුවේ වරදකරුවෙකි. ඥානසාර හිමිටද යහපත් කල්ක්‍රියාවෙන් සීටීම හේතුවෙන් ජනාදිපති සමාවක් ලැබී තිබේ. එය සතුටට කරුණකි. කෙසේ වුවද මේ මොහොතේ පවතින දේශපාලන හා සමාජයීය තත්වයට මෙකී සිදුවීමේ බලපෑම ගැන මගේ පුද්ගලික අදහසක් දැක්වීම මගේ කෙටි ලිපියේ අරමුණ වේ.  

පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්වය තවත් නරක අතට හැරීමට පෙර වලක්වා ගන්නා ලද්දේ අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ සක්‍රිය මැදිහත් වීමෙනි. මේ වෙනුවෙන් උන් වහන්සේට සියලු ආගමිකයන්ගේ හද පිරි ආදරය ගෞරවය හිමිවිය. මේ මොහොතේ අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ වචනය රටේ දේශපාලනයට ඇතිකළ හැකි බලපෑම ඇති මහත්ය. නමුත් උන් වහන්සේ දේශපාලකයාට වුවමනා දේ නොකරන බව මෙන්ම දේශපාලනය ද නොකරන බව පැහැදිලිව  සඳහන් වී තිබේ. අනෙක් අතට බෝම්බ ප්‍රහාරයෙන් සති 3 කට පසුව ඇති වූ තත්වයට දේශපාලන හස්තයන් සම්බන්ධ බව මේ වනවිට බුද්ධි අංශ වාර්තා  පවසන බව මාධ්‍ය හෙළිදරවු කරමින් පවතී.  කෙසේ වුවද එම තත්වය ඉතාම සාර්ථකව මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාවන් සමත් විය. එමෙන්ම මේ වනවිට ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතී.  අනෙක් අතට බෝම්බ ප්‍රහාරයෙන් සති 3 කට පසුව ඇති වූ කලබලකාරී තත්වය දේශපාලන කුමන්ත්‍රණයක් වුවා නම් එය අසාර්ථක වූ බව පැහැදිලිය. 

මේ මොහොතේ අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ වචනයට රටේ දේශපාලනයට ඇතිකළ හැකි බලපෑම අඩු කිරීමට වෙනත් ආගමික නායකයෙකුගේ සාමාජයීය පැවැත්ම අවශ්‍ය නම් එයට ඥානසාර හිමි නොසුදුස්සෙක් නොවේ. එමෙන්ම ඥානසාර හිමිගේ පසුගිය කාලයේ හැසිරීම අදේශපාලනික ද නොවේ. 

ඒ හැරෙන්නට බෝම්බ ප්‍රහාරයෙන් සති 3 කට පසුව ඇති වූ තත්වය යටතේ මහසෝන් බලකාය ආදී මුග්ධ අන්තවාදී සංවිධාන වල කුමන්ත්‍රණකාරී කට්ටඩි නායකයන් මේ වනවිට ඉන්නේ බන්ධනාගරයේය. ඒ තත්වය නිර්මාණයට දේශපාලන හස්තයක බලපෑම තිබුණි නම් එම හස්තය පරාජය බාරගෙන පසෙකට නොවෙනු ඇති. බොදුබල සේනා  වැනි සංවිධාන පණගන්වා ඉහත කී අරමුණ ඉටු කරගැනීමට එහි නායකයන් අත්‍යවශ්‍ය සාධකයක් වෙනු ඇති. 

ඥානසාර හිමිට ලැබුණු සමාව දේශපාලනික බව මේ වනවිටද සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්චා වී ඇත. නමුත් ඉන් සමාජයට ඇතිබව බලපෑම සමාජයේ යහපත පමණක් උදෙසා හරවා ගන්නේ කෙසේද යන්න ගැන තවම සමාජ මාධ්‍ය අවශ්‍ය පමණට අවධානය යොමු කර නැත. මෙයින් ඇතිවිය හැකි අහයහපත් බලපෑමක් වෙතොත් එය වලක්වා ගත හැක්කේ මෙකී දේශපාලන ක්‍රියාවලිය ගැන අවධියෙන් සිටීමෙන් පමණි. 





  


   


3 comments:

  1. මටබය ඥානසාර හාමුදුරුවෝ මරයිද කියලා?

    ReplyDelete
  2. Badurdeen weraya karana sinhalya trasthawadeya kiya thatmana napunsaka bloggggggar gu kapan hu

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.