Thursday, May 16, 2019

Religion is something like sex : ආගම ගැන ජපන් කොළු ගැටයෙකු කී මසුරන් වචන ටික

මේවන විට ආගම් ගැන විවිධ වූ සාකච්චාවන් රට තුල පවතී. කෙසේ වුවද මුස්ලිම් පල්ලිවල ඉස්ලාම් ආගම අදහන ශබ්ධය ලවුඩ් ස්පීකරයෙන් අසන්නට අකමැති බව සමාජ ජාල ඔස්සේ පවසන බොහොමයක් දෙනෙකු පිරිත් වල ශබ්ධය උදේ හවස ලවුඩ් ස්පීකරයෙන් අසන්නට අවැසි බව සමාජ ජාල ඔස්සේ යෝජනා කරති. මා සිතනා හැටියට ආගම් වලට විශේෂිත වූ ළමා විවාහ, බහු භාර්යා ආදී වශයෙන් වුණ ජපානය වැනි දියුණු රටවල් කිසිසේත් ඉඩ නොදෙන නීති මෙරට ද අකුලා දැමීමට තිබෙන ලොකුම බාධකයක් වන්නේ ද මේ ආකල්පයයි. 

ආගම් වලට විශේෂිත නීති, විශේෂිත සැලකිලි නොලැබිය යුතුය යන ප්‍රගතිශීලී මතය හිර වෙන තැනක් මෙරට තිබේ. ඒ නම් තම ආගමට ලැබී ඇති නීතිමය ප්‍රමුඛ ස්ථානය ද එවිට අහෝසි වීම ඉවසීමට ඇති නොහැකියාවයි. සමාජ ජාල ඔස්සේ එකම රටක් එකම නීතියක් ඉල්ලන මිනිසුන්ම තම ආගමට ප්‍රමුකත්වයක් ද ඉල්ලති.  මෙහි ඇති නොගැලපීම ඔවුන්ට තේරෙන නමුත් නොතේරෙනවා සේ සිටිති. මෙය අමුවෙන්ම පවසන්නට ගොස් ඛේමාගේ කොළුවා හදාගත් අවුල අමතුවෙන් කිව යුතු නොවේ.


ආගම් ගැන මගේ සිසු ජපන් කොළුවාගේ මසුරන් වචන ටික වටින්නේ මෙතැනදීය.

I am a Japanese, I think........Religion is something like sex. We all have it. We all practice it. We all enjoy feeling of it. But, we do not publicly talk about how we do sex. The way we do sex. Or how my sex is better than yours ? Even though we all practice sex, we do it at a surrounded place. But we do not practice sex outside of that place. We do not talk about it publicly. We can not do sex forcefully.....It is a crime. It is totally your personal thing. It is all up to you. If you do not want, you may not practice any sex. To do sex or not, totally up to you. Your sexual behaviors also under the government law. You can not hurt anybody on behalf of your sexual pleasure. Religion is something like sex. You do it. But its your personal thing. And should not brought in to public.

ඌගෙ කැඩුණු ඉංග්‍රීසියේ තිබුණ වචන වල තිබුනේ ජපන් තරුණ පරපුර හිතන විදිය.

ඌගෙ කැඩුණු ඉංග්‍රීසි අපේ බොහොමයක් දෙනෙක් කොහොම තේරුම් ගනීවිද කියන එක නම් විශ්වාස නෑ. තේරුම්ගන්න පුළුවන් නම් අපතේ යන එකකුත් නෑ. 





7 comments:

  1. "Don't laugh more, 1 day you will cry" කියන එක "අද විතරයි උඹලා හිනාවෙන්නේ, හෙට අඩනවා" කියලා පරිවර්තනය කරගත්තු උන් මේක කොහොම ප්රිවර්තනය කර ගනීද දන්නෑ.. :-)

    ReplyDelete
    Replies
    1. ඕකට කවුරුවත් මොකුත් කියන්නේ එන්නේ නෑ. මොකද ඔතන කියල තියෙන්නේ ඔක්කොම ආගම් ගැන. අසුවල් ආගම කියල ඇගිල්ල දික් කරලා කීවොත් තමයි ඕවා වැරදියට පරිවර්තනය වෙන්නේ. ඒක අපේ බුවාලගේ ලක්ෂණයක්.

      Delete
  2. ලංකාවේ සිංහලයෝ වෙනුවට ජපන්නු හිටියනම් මොකක් වෙයිද?
    මම හිතන්නේ උන් දෙමෙල්ලු මරලා දෙමෙල්ලුන්ගේ මස් කන්න පටන් ගනියි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්. ඔයා හිතන දේවල්.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.