මම පහත ලිපිය ලියුවේ 2017/03/06 වෙනි දිනයේදී ය. ඒ වන විට ඒ ගැන වෛද්‍ය සභාව හෝ වෙනත් කිසිවෙකු මේවාට එරෙහිව කතා කලේ නැත. සැමවිටම වෛද්‍යවරු නිවැරදි විය. එවකට සමාජයේ තිබුනේ ස්ථර වශයෙන් තිරස් බෙදුමකි. එහි පහල සාමාන්‍ය මිනිසුන් ගැහැනුන් සිටි අතර වෛද්‍යවරුන් සිටියේ ඉහළිනි. ඒ වකවානුවේ දී වෛද්‍යවරුන් සිදු කරන ලද අසික්කිත ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම සැලකුනේ දොස්තර හෝ මැවිසුරු වීමට නොහැකි වූ හීනමානයකින් ඇතිවූ වෛරයක් පිරිමසීමක් ලෙසයි. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය වැරදියට වටහාගෙන සිටි සිංහල බ්ලොග් අවකාශයේ සමහර නොදියුණු මානසිකත්වයෙන් යුතු පිරිස් දැරුවේද එම අදහසයි.එකල සිසේරියන් සැත්කමකින් පසුව කාන්තාවකට දරුවන් නොලැබීම ගැන පැමිණිලි කලේ නම් ඇය සියලු දෙනාගේ ගර්හාවට ලක්වෙනවා නියතය.
නමුත්, අද වනවිට සමාජය බෙදී සිටින්නේ සිරස්වය. වෘත්තීය මදෙකට පසෙකලා ජාතීන් වශයෙන් ඇතිව තිබෙන බෙදීමේදී වෛද්‍යවරුන්ගේ අසික්කිත ක්‍රියාවන් කොන්දේසි විරහිතව සාධාරණීකරණය කල වෛද්‍ය සංගම් වැනි සංවිධානද වෙනත් ජාතික වෛද්‍යවරයෙකු කර ඇතැයි කියන අසික්කිත ක්‍රියාවන්ට එරෙහිව කතා කරමින් සිටී.
නිසි ක්‍රමවෙධයන් සහ නීතියට වන්දනා මාන කිරීම් වෙනුවට නොයෙකුත් වෘත්තිකයන්ගේ ද දේශපාලකයන්ගේද දෙපාමුල වැඳ වැටීමේ අදීනව ගැන මෙය කදිම උදාහරණයකි. අදීන ගෞරවනීය මිනිසෙකු තැනීම අද රටේ පළමු අවශ්‍යතාවය වේ.
මම 2017/03/06 ලියු ලිපිය පහතින්.
2017/03/06
වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරි පාසල් ඉල්ලමින් වර්ජනය කල දින ෆේස්බුක් හි පවත් අදහසක් මට මතක තිබේ. යම් අයෙකු උපහාසයෙන් කියා තිබුනේ "හෙට අනිද්දා වන විට වෛද්‍යවරුන්ට හැරෙන්නට වෙනත් අයට දරුවන් ලැබීමටද වෛද්‍යවරුන් ඉඩ නොදේවි" යන බවයි. එය එදා උපහාසයෙන් කියා තිබුනද අද විට නම් එය සත්‍ය විය හැකි මානයට පැමිණ තිබේ.

ජනගහන පාලනයට අවශ්‍ය විද්‍යාත්මක නීති සැකසිය යුත්තේ ඒ සඳහා දැනුම ඇති විද්වතුන් සහ මහජන සහභාගීත්වයෙන් මිස ම්ලේච්ච ක්‍රම වලට නොවේ.
"වෛද්‍යවරුන්/වරියන් නොවෙන අයට ලිංගිකව එක්වීම අනවශ්‍ය බව කියමින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට chemical castration ඖෂධ බලෙන් ශරීරගත කරනු ඇතැයි" අද කෙනෙකු කිවහොත් එය හොඳ විහිළුවකි. නමුත්, මේ සිදුවන් ලෙස නම් හෙට දිනයේදී එයටද යම් සත්‍යතාවයක් නොලැබේ යයි කිව හැකි නොවේ.
වෛද්‍යවරු නොවෙන අප ඔවුන්ගේ වැරදි සොයමින් ද්වේශයන් ඔවුන් හෑල්ලු කරන බව මේවා ගැන කතා කරනවිට නැගෙන චෝදනාවකි. නමුත්, මට සිතෙන්නේ නම් වෛද්‍යවරු සමග ද්වේශයන් ඔවුන් හෑල්ලු කිරීමට අවශ්‍ය වෛද්‍ය සභාවට සහ වෛද්‍ය සංගම් වලට බවයි. එසේ නොවේ නම්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් යනු ශිෂ්ඨ මිනිසුන්ගේ ගැහැණුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීමට නොදන්නා ගෝත්‍රිකයන් බවට ලෝකයා හමුවේ අපේ වෛද්‍යවරුන් හෑල්ලු වෙනතෙක් උකටලීව බලාසිටින්නේ ඇයිදැයි මට නොතේරේ.
සමහර වෛද්‍යවරුන්ගේ මෙවැනි නීච අශීලාචාර ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අපේ වෛද්‍යවරුන්ගේ ගරුත්වය රැකගැනීමට කටයුතු නොකර, මිනිසුන් වෛද්‍යවරුන් යන වචනය ඇසෙන විටද කෙල ගසන දිනය පැමිණෙන තෙක් මෙසේ උකටලීව බලාසිටින ශ්‍රීලංකා වෛද්‍ය සභාවට අපේ වෛද්‍යවරුන් සමග සමග කොයිතරම් ක්‍රෝධයෙන් නම් තිබියයුතුද ?