Thursday, May 16, 2019

Religion is something like sex : ආගම ගැන ජපන් කොළු ගැටයෙකු කී මසුරන් වචන ටික

මේවන විට ආගම් ගැන විවිධ වූ සාකච්චාවන් රට තුල පවතී. කෙසේ වුවද මුස්ලිම් පල්ලිවල ඉස්ලාම් ආගම අදහන ශබ්ධය ලවුඩ් ස්පීකරයෙන් අසන්නට අකමැති බව සමාජ ජාල ඔස්සේ පවසන බොහොමයක් දෙනෙකු පිරිත් වල ශබ්ධය උදේ හවස ලවුඩ් ස්පීකරයෙන් අසන්නට අවැසි බව සමාජ ජාල ඔස්සේ යෝජනා කරති. මා සිතනා හැටියට ආගම් වලට විශේෂිත වූ ළමා විවාහ, බහු භාර්යා ආදී වශයෙන් වුණ ජපානය වැනි දියුණු රටවල් කිසිසේත් ඉඩ නොදෙන නීති මෙරට ද අකුලා දැමීමට තිබෙන ලොකුම බාධකයක් වන්නේ ද මේ ආකල්පයයි. 

ආගම් වලට විශේෂිත නීති, විශේෂිත සැලකිලි නොලැබිය යුතුය යන ප්‍රගතිශීලී මතය හිර වෙන තැනක් මෙරට තිබේ. ඒ නම් තම ආගමට ලැබී ඇති නීතිමය ප්‍රමුඛ ස්ථානය ද එවිට අහෝසි වීම ඉවසීමට ඇති නොහැකියාවයි. සමාජ ජාල ඔස්සේ එකම රටක් එකම නීතියක් ඉල්ලන මිනිසුන්ම තම ආගමට ප්‍රමුකත්වයක් ද ඉල්ලති.  මෙහි ඇති නොගැලපීම ඔවුන්ට තේරෙන නමුත් නොතේරෙනවා සේ සිටිති. මෙය අමුවෙන්ම පවසන්නට ගොස් ඛේමාගේ කොළුවා හදාගත් අවුල අමතුවෙන් කිව යුතු නොවේ.


ආගම් ගැන මගේ සිසු ජපන් කොළුවාගේ මසුරන් වචන ටික වටින්නේ මෙතැනදීය.

I am a Japanese, I think........Religion is something like sex. We all have it. We all practice it. We all enjoy feeling of it. But, we do not publicly talk about how we do sex. The way we do sex. Or how my sex is better than yours ? Even though we all practice sex, we do it at a surrounded place. But we do not practice sex outside of that place. We do not talk about it publicly. We can not do sex forcefully.....It is a crime. It is totally your personal thing. It is all up to you. If you do not want, you may not practice any sex. To do sex or not, totally up to you. Your sexual behaviors also under the government law. You can not hurt anybody on behalf of your sexual pleasure. Religion is something like sex. You do it. But its your personal thing. And should not brought in to public.

ඌගෙ කැඩුණු ඉංග්‍රීසියේ තිබුණ වචන වල තිබුනේ ජපන් තරුණ පරපුර හිතන විදිය.

ඌගෙ කැඩුණු ඉංග්‍රීසි අපේ බොහොමයක් දෙනෙක් කොහොම තේරුම් ගනීවිද කියන එක නම් විශ්වාස නෑ. තේරුම්ගන්න පුළුවන් නම් අපතේ යන එකකුත් නෑ. 





Sunday, May 12, 2019

නාගනන්දලාට පල්ලෙවත්තලාට දේශපාලනය කල හැක්කේ කලබල නොමැති, ත්‍රස්තවාදීන් නොමැති නිසංසල සුමට සමාජ වටපිටාවක පමණක් ද ?

රට තුල ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවූ වාතාවරණය තුල මීළඟ දේශපාලන නායකත්වයන් බලාපොරොත්තුව සිටි අයගේ හැසිරීම් තවම ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය වී නොමැත. මෙම ලිපියේ අරමුණ ඊට ආරම්භයක් ලබාදීමයි!!!

රට තුල මුස්ලිම් ත්‍රස්තවාදීන් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සමග රටම සෙලවීමට ලක්වී ඇති බව පෙනී යයි. එය දැන් යම් පමණකට තැන්පත් භාවයට පත්වෙමින් තිබුණත් එය කැළඹු භාහිර බලවේග සම්පූර්නයෙන්ම පහ කර දමන තුරු  ස්ථිරව තැන්පත් භාවයකට පැමිණේ යයි සිතන්නට අපහසුයි.

මේ සමග බොහෝ ප්‍රගතිශීලී සුදු කොකුන් ලෙස පෙනී සිටියවුන්ගේ කළු පිහාටු ප්‍රදර්ශනය විය. වගකිව යුතු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස විශ්වාසයක් තිබු රනිල් ඔහුගේ විශ්වාසය ඉතාම පළුදු කර ගත්තේය.ජනපතිවරයාගේ විකාරරූපී ක්‍රියාකලාපය අප්‍රසන්න විය. ඊට නොදෙවෙනි ලෙස ඔහුගේ සහචර මුග්ධ රාජ්‍ය නිලධාරීන්ද පෙනී සිටින ලදී. මෙවැනි හැසිරීම් වලට බලපෑ හැකි හේතු ඉදිරියේදී ඉදිරිපත් කිරීමට තබමි. එමෙන්ම පසුගිය දිනවල විපක්ෂනායක වරයාගේ ක්‍රියාකලාපය අසතුටුදායකය. ඔහු මීට පෙර විපක්ෂනායකයා වශයෙන් සිටියදී තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ල සංසින්දුවීමෙදී පෙන්වූ ප්‍රගතිශීලී භාවයවත් තවමත් මෙවර ඔහුගෙන් පෙන්නුම් වුනේ නැත. ජාතික ආරක්ෂාව ගැන නිතර දොඩමලු වෙන ජනපති සිරිසේන සමග ඒ වනවිට සමීපව කටයුතු කල විපක්ෂ නායක  රාජපක්ෂ මෙහිදී දේශපාලන ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නැවතුණි. එමෙන්ම ඉදිරි ජනපති අපේක්ෂකයෙකු වීමට බලා සිටින ගෝඨාභය රාජපක්ෂ මෙම සිදුවීම ඔහුගේ ජනපති අපේක්ෂකත්වය කල එලි බැස්සවීමට තිබු පවුලේ බාධක ඉවත් කර ගැනීමට යොදාගත් ආකාරය අසතුටුදායක වේ.

දේශපාලකයන් එසේ වුවද සන්නද්ධ හමුදාවන් තම ජනතාවගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර සුදුසුම ලෙස සූකෂමව ඉදිරියට හා පසුපසට ගනිමින් දක්වන ගතික ක්‍රියාකාරිත්වය අතිශය ප්‍රසංශනීය වේ. එමෙන්ම කතෝලික ආගමික නායකත්වය ඉතාම පරිණත ඉවසීම ප්‍රගුණකළ මානව දයාවෙන් යුතු සුදුසු මිනිසුන්ම එම නායකත්වයන් දැරියයුතු බවට මෑත කාලයේ ප්‍රභලම සාක්ෂිය සපයන ලදී.

මේ අතර ජනපති අපේක්ෂයන් වෙන බව ප්‍රකාශ කර ඇති නාගානන්ද සහ පල්ලෙවත්ත දෙදෙනා මෙම සිදුවීමේ සංකීර්ණම අවස්ථාවේදී පෙන්නුම් කල හැසිරීම ඔවුන්ගේ දේශපාලන සිහිනයේ තීරනාත්මක සාධකයක් වනු ඇත. ජනතාවගේ ආරක්ෂාව කඩවීම පිලිබඳ මුලික අයිතිවාසිකම උල්ලංඝනය වීම ගැන ඔහුගේ පෙත්සම සාමාන්‍ය වැසියෙකු ලෙස සලකූ විය ප්‍රසංශනීය වෙන නමුත් ජනපති අපේක්ෂකයෙකු ලෙස ජනතාවට නායකත්වය ලබාදීමට බලාපොරොත්තුවෙන නායකයෙකු ලෙස නාගනන්ද පෙන්නුම් කර ඇත්තේ ළදරු හැසිරීමක් පමණි. පල්ලෙවත්තගේ හඬ මෙතෙක් නොඇසුනි. දින ගණනකට පසුව නාගනන්ද පෙත්සම සමග එලි බසින්නේ සියලු දේ බොහෝ දුරට සාමාන්‍ය අතට හැරුණු පසුවය. රටක් වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන විකල්ප නායකයෙකු වීමට ඔහුට හැකියාවක් නැති බව ඔහුගේ හැසිරීමෙන් ඔහු පෙන්වූ බව මගේ නිගමනයයි. මෙයින් පෙනීයන්නේ නාගානන්ද සහ පල්ලෙවත්ත වැනි අයට දේශපාලනය කල හැක්කේ කලබල නොමැති, ත්‍රස්තවාදීන් නොමැති නිසංසල සුමට සමාජ වටපිටාවක පමණක් බවයි. මෙවැනි ගැටළු සහගත දේශපාලනික වටපිටාවක මෙවැනි දේශපාලනික නොදරුවන්ගේ හැසිරීම සිරිසේන-වික්‍රමසිංහ මෝඩ ජෝඩුවේ හැසිරීම පරදා යනු ඇති බවට වුවමනාවටත් වඩා සාක්ෂි ඔවුන්ම සපයා තිබේ. අගරදගුරු ප්‍රසාදීන් වහන්සේ පැවසු ලෙසම මෙම ත්‍රස්තවාදයේ මුලය මෙන්ම ඒවා හසුරුවන අයගේ ඉලක්ක තවම අපැහැදිලිය. කෙසේ නමුදු මෙම ත්‍රස්තවාදය රටේ මීළඟ දේශපාලන නායකත්වය තේරීම පිලිබඳ ඇති කරන ඇති විශාල බලපෑම නොවැලක්විය හැකිය. මගේ මතය නම් මේ දක්වා රටෙහි ජනපති වීමට බලාපොරොත්තු වෙන බව පවසා ඇති සියලුම දෙනා මෙම ත්‍රස්ත ප්‍රහාරය සමග ඇතිවූ වාතාවරණය තුල මේවන විට ඔවුන්ගේ හැසිරීම තුලින් තමතමන්ගේ අසමත් භාවය මුළුමනින්ම ප්‍රදර්ශනය කර ඇති බවයි.

මේ අනුව රටෙහි මීළඟ දේශපාලන නායකත්වය දරනු ඇත්තේ බොහෝවිට තවම දේශපාලන කරලියට නොපැමිණි කෙනෙකු විසින් විය හැකි බව මම විශ්වාස කරමි. එකී නායකත්වය ගැන යම් අනුමානයන් මා සතුව පැවතියද එම නායකත්වයන් මතුවීමට පෙර ඒ ගැන පුරෝකතනය ආචාර සම්පන්න නොවන බැවින් නිහඬ වෙමි.